..Who am i..?(16)

112 35 0
                                    

සති දෙකක් ඇතුලත අපේ Dreams song එකේ වැඩ ඉවර වුනා..ඊට පස්සේ ඒකේ Dance එක choreographer කරන වැඩේ තමයි ඉතුරු වුනේ . ජැම් ජැම් Dancing teachers ලත් එක්ක හරි හරියට ඒ දවස් ටිකේම මහන්සි වුනා..ඒ අතරේ සැරින් සැරේ වායෝත් ඇවිල්ලා ජැම්ගේ වැඩ කොහොමද කියලා බලලා ගියා...මටනම් විශ්වාස කරන්නත් බෑ වායෝ ජැම් ඉස්සරහට ආවත් දෙන්නා රණ්ඩු වුනේවත් නෑ...කතා කලේ නැති වුනත් දෙන්නට දෙන්නා හිනා වෙලා ගියා..

" මන් හිතන්නෙ ජැම් වායෝ ඔයා එක්ක තිබ්බ අවුල දැන් එයාම ඉවරයක් කරලා වගේ...එයා ඔයා එක්ක දැන් ඉස්සර වගේ වලියට එන්නෙ නැහැනෙ . පුදුමයි. පැහැදිලි වෙනසක්....මන් ජැම්ට කිවුවේ රෑට කෑම කන ගමන්

"අනේ මන්දා බන් . මාත් එයා එක්ක වලියට යන්නෙ නෑ කොහොමත් . දැන් ඉතින් මට ඊට වඩා වැඩ තියෙනවනෙ . හැබැයි මන් හිතන්නෙ එයා එයාගේ girl friend එක්ක වලියක් දාගෙන වගේ..
"නෑ....එයාට girl කෙනෙක් ඉන්නවද ? මන් දන්නෙ නැහැනෙ. Vivo එකෙන් අවුලක් නැද්ද ? ...ඒක ඇහුවාම මගේ ඇස් උඩ ගියා. සාමාන්‍යයෙන් idol කෙනෙක්ට date කරන්න නම් entertainment එකේ අවසරේ ඕනී..අනිත් එක countract එකට අනුව වැඩ කරන්නත් ඕනිනෙ . ඉතින් මට වායෝගෙ කෙල්ල ගැන ලොකු ප්‍රශ්නයක් මතුවුනා...

"හ්ම් ඔව් ඔව් ඉන්නවා...එයාගේ fansලනම් දන්නෙ නෑ මන් හිතන්නෙ . එයා හොරෙන් තමා ඔය සම්බන්දෙ තියාගෙන ඉන්නෙ . Fansලා දැනගත්තොත් සමහර අය ලෙඩක් දායිනෙ . අනිත් එක ඒක දන්නේ  එයයි එයාගෙ කෙල්ලයි විතරයි . දැන් ඉතින් උබත් දන්නවා...ඕවා කාටවත් කියන්න එහෙම යන්න එපා මන් දන්නවා උබට ඕවා අදාල නෑ කියලා ඒකයි මාත් බය නැතිව ඔයාට කිවුවේ....

"දැන් මට මේක කියපන් ජැම් උබ කොහොමද එයාගෙ කෙල්ල ගැන දන්නෙ ....

"එයා යාලුවෙලා ඉන්න කෙල්ල මගෙත් යාලුවෙක් . ඒ ගෑනූ ලමයම තමයි මට කිවුවේ...වායෝ දන්නෙත් නෑ මන් දන්නවා කියලා...මන් ඒ girlටත් කිවුවා මට කිවුවා කියලා වායෝට කියන්න එපා කියලා...ඒ කෙල්ල දන්නවා වායෝ මගෙ අයියා වුනාට අපි දෙන්නා නයයි මුගටියයි වගේ කියලා..😂

ජැම් මට මුලු කතාවම විස්තර කලා
"අහ් හා හා මට නම් ඕවා අදාල නෑ ඉතින් වැඩකුත් නෑ...ඒත් මට පුදුමෙ මිනිහා කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නවා කිවිවාම . කෙල්ලෙක්ට පුලුවන්ද ඕයී මේකා එක්ක ඉන්න . මේකා යකා වගේ.. කෙල්ලෝ කොහොම ඉන්නවද මන්දා...පිටතින් පෙන්නන චරිතේ නෙමෙයි එයා ....

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now