1 කොටස

13.9K 996 187
                                    

වේගයෙන් යන කාර් එකේ වාඩිවෙලා මම පහුවෙන සියොල් නගරය දිහා බලාගෙන හිටියා. ඇත්තටම මට කල්පනා කරන්න ගොඩක් ප්‍රශ්න තිබුනා. ඊයේ බලපු ඉන්දියන් මෙගා ඩ්‍රාමා එකේ ලේලිට ලමයි නෑ කියලා නැන්දම්මාට කිව්වෙ කව්ද? , අර ෆිල්ම් එකේ කෙල්ලගේ රතු පාට ඇදුම කීයක් උනාද? , ඒ කොල්ලට ඇත්ත ජීවිතේ කෙල්ලෙක් ඉන්නවද? ලී මින් හෝ ඔප්පාව වැරදිලාවත් මට හම්බ වේවිද? ඔන්න ඔය වගේ මහා බරපතල ප්‍රශ්න. මගේ එහාපැත්තේ වාඩිවෙලා හිටපු මගේ ගොන් මල්ලි කටත් ඇරගෙන එලිය බලාගෙන යනවා. මල්ලි කිව්වට අපි දෙන්න නිවුන්නු. ඌ මට වඩා විනාඩි 2 යි බාල. නිකම්ම යන එකේ ඕකව පොඩ්ඩක් අවුස්සන්න ඕන.
ඒයි.. ඔය දිව ඇතුලට දාගන්නවා. තමුසේ මුලු කොරියාවටම තවුසෙගෙ දිව පෙන්නන්නද හදන්නේ?

- නෑ.. මම මේ දිවට කොරියාව පෙන්නනවා.. 😋😋

මූ යකෝ... 🤨🤨😕

- මේ නිකී,

ඔව්.. ඔයාලා හිතුවා හරි. මගේ නම නිකී.. නැත්නම් නිකිනි. එතකොට මගේ රස්සාව dance coreography. ඒ කියන්නේ මම නැටුම් නිර්මාණය කරනවා. කලවම් කරලා හදනවා කිව්වොත් හරි. ඉන්දියානු, බැලේ, ක්ලැසික්, උඩරට, රොබෝ ස්ටයිල් ඔය සේරම කලවම් කරලා මම නැටුම් හදනවා. මම ඒකට ටිකක් ප්‍රසිද්ධයි. ස්ටෙප් අප් ෆිල්ම් එකෙත් පොඩි කෑල්ලක් රගපෑවා.. 😁😁 අපේ අම්මා නම් කියන්නේ මගේ නැටුම් නුත් මගේ කාමරේ වගේ කියලා. අවුල් ජාලාවක්.

- නීකී.., කොරියාවෙ කෙල්ලො මාර ගතිනේ. මට මෙහෙන් වත් කෑල්ලක් සෙට් වෙයිද?

-ඔව් ඉතිං උබට කෑල්ලක් සෙට් උනොත් තමයි සම්පූර්ණ එකක් නම් සෙට් වෙන්නේ නෑ. කොරියාවෙ කෙල්ලෙක් තියා බල්ලෙක් වත් බලන එකක් නෑ. ඔය ජූජක රැවුල තියන කම්. රැවුල වවන් ඉන්නවා කියන්නේ අපිරිසිදු කමක් විදියටයි එයාලා දකින්නේ..

- අෆ්ෆා.. ඒකද මුන්ට රැවුල් නැත්තේ.. මන් හිතුවා වැවෙන්නේ නැතුව ඇති කියලා.

ඔව් ඔයාලා හිතුවා හරි අපේ මලයත් යක්ක පුත්තුන්ගේ ටයිප් එකට ඇහේ ඉදන් රැවුල වවාගෙන ඉන්නෙ. පිරිමිකම පෙන්නන්න කියලද හිතුවෙ. නෑ.. නෑ.. ඕකගේ මූන පුරා තියන අලි වලවල් ටික වහගන්න තමයි ඕක වවන් ඉන්නේ. මන් ඉතිං ඕක වැඩිය කාටවත් කියන්නේ නෑ. වැඩිම උනොත් 100 ට විතර කියලා ඇති. එක සැරයක් විතර tv program එකකදි ඕක කිව්වා. අපේ මල්ලි නිකම් මාව බැදලා කනවද, තෙල් දාලා කනවද කියලා හිතාගන්න බෑ වගේ මගේ දිහා බලන් හිටිය විදියට මම දැනගත්තා අද නම් ගෙදර ගියාම මන මස්ත මගන් වේවි කියලා. ගෙදර ගිහින් මොකද උනේ කියන එක ගැන අපි කතා නොකර ඉමු.

niki ( completed) Where stories live. Discover now