17 කොටස

5K 785 52
                                    


කෝ ඕකා.. ?
ඔය එන්නේ නහයෙන් පිඹගෙන.. කුලප්පු උනු මී වස්සෙක් වගේ..

- "  නිකී.. මොකක්ද ඒ පාර මේ කරන්න යන වැඩේ.. කොල්ලොන්ට ලයින් දාලා ඇති වෙලා දැන් කෙල්ලොත් අල්ලගත්තද 😤😤"

මලා.. 😱 මේක ආලෝකයේ වේගයෙන් පැතිරෙනවනේ.. අගහරු වලටත් නිවුස් එක යයිද දන්නේ නෑ.. 😕

- "  විහිලු කරද්දිත් සීමාවක් තියනවා නිකී.. යකෝ ඒ පාර මට මස්සිනෙක් නෙවෙයි නෑනා කෙනෙක් සෙට් වෙන්නයි යන්නේ..
ඒකත් බිරිද කරගන්න හිතන් හිටිය එකී මගේ නෑනා වෙලා නතර වෙයි වගේ.. "

මූ යකෝ..😕
මේකාත් ඔන්නිට කැමැත්තෙන් ඉදලද.. ඒක තමයි නූනා හැඩයි නූනා ලස්සනයි ගගා හිටියේ.. දේශද්‍රෝහියා.. 😠

- " මේකනේ මල්ලි අපි නිවුන්නුනු නේ.. නිවුන්නු එකම දේවල් වලට කැමති වෙනවා කියලා දන්නේ නැද්ද.. 😁😁 "

- "ඉන්නවකෝ මම අම්මට කියන්න.. අම්මට අක්කා ලේලි කෙනෙක් ගේන්න යන්නේ කියලා"
මලා.. අම්මට කිව්වොත් නම් අම්මා බෝට්ටුවෙන් කොරියාවට ඇවිත් කනෙන් ඇදන් ගෙදර එක්කන් යාවි. ෆ්ලයිට් ටිකට් ඕනිම නෑ..

- " ඔයත් එක්ක බෑනේ මල්ලි.. මොන්ටිසෝරියෙදි තරහ උනාම වගේනේ හැම මගුලම අම්මට කියන්නේ.. "

- " මන් ඔන්න ඒ නූනාට කිව්වා.. ඔයා බොරු කියන්නේ.. විස්වාස කරන්න එපා කියලා.. "

හරිනේ ඉතිං.. ඒ මගුලත් කඩලා..  😕
හෑ..😟 මට මොනවද මේ හිතෙන්නේ.. ඒක කැඩුනම මොකෝ.. චික් විතරක්.. 😨

- " හරි හරි.. මන් ඔන්නිට සොරි කියන්නම්.. හී.. 😁 "

මල්ලි පිබලා යන්න ගියා.. මන් ආයේ ජිමිනත් එක්ක කතාවට වැටුනා..

- " ඒක නෙවෙයි ජිමිනෝ.. මම හෙට යනවනේ.. මට වෙලාවකට හිතෙනවා ඔයාවයි ජින් ඔප්පවයි දෙකට තුනට නවලා බෑග් එකේ දාගෙන යන්න. "

ජිමිනා හිනාවුනා.. තේරුනේ නෑනේ මන් සිංහලෙන් නේ කිව්වේ.. ටේයොන් ඒ පාර මොනා හරි කිව්වා.. ඒක මට තේරුනෙත් නෑ..

බලන්නකෝ ඉතිං මට හෙට හිස් අතින් යන්න වෙන්නේ.. ජින් ඔප්පට ආදරෙයි කියලා කියාගන්නත් බැරි උනානේ..

ආයේ ජිමිනුයි ටේයොන් නුයි මොනා හරි කිව්වා..

අඩේ.. මේ වැඩේ මරු.. අපි එකෙක්වත් කියන ඒවා අනිත් අයට තේරෙන්නේ නෑ.. හිතේ තියන ඒවා සේරම කියන්න පුලුවන් හංගන්නේ නැතුව.. 😊😊

niki ( completed) Donde viven las historias. Descúbrelo ahora