6 කොටස

5.8K 812 74
                                    

පෙර කොටසට...
https://m.facebook.com/story.php?story_fbid=120839489801314&id=100056257914956

6 කොටස...
වොශ් එකකුත් දාගෙන මම අපාර්ට්මන්ට් එකෙන් එලියට ආවා. මල්ලි නම් හවස ආපු ගමන් කාමරේට රිංග ගත්තා ඔලුව රිදෙනවා ගාගෙන. ඔලුව.. හහ්.. උගේ නෙවෙයි මගෙයි ඔලුව රිදෙන්නේ.. දවල් ජින් ඔප්පා එක්ක කතාවකට මුල පුරන්න ගියත් වැඩේ හරි ගියේ නෑ. ඔප්පා... ගාලා වැඩේ පටන් ගන්නකොටම මැදට පැනපු හාවා කිව්වා එකට වැඩ කරන අයට ඔප්පා කියන්න එපා. ශී.. කියලා කතා කරන්න කියලා. ඒ කතාව අහපු වෙලේ ඉදන් මගේ හිතට හරි නෑ. හවස් වරුවෙම වැඩ කලෙත් බුම්මගෙන.

අද ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක්ගේ බරිත් ඩේ එකක් නිසා පොඩි පාටියක් ග්‍රවුන්ඩ් ෆ්ලො එකේ. මල්ලි නම් ඒ පැත්තට යන්න එපා කියලා තමයි කාමරේට රි‍ංග ගත්තේ.. හහ්.. මන් ඉතිං කවද්ද ඌ කියන ඒවා ඇහුවෙ. මාත් හිමින් සැරේ පාටිය තියන පැත්තට බඩ ගෑවා.  හැමෝම කනවා, බොනවා සතුටු වෙනවා. මං ගැන කාටවත් ගානක් නෑ. ජින් ඔප්පත් පේන්න නෑ අප්පා.

මේ මොනවාද බොලේ මේ.. වීදුරු වල දාලා රතු පාට, සුදු පාට බීම. මන් ඔන්න ඔහේ වීදුරු 5 ක්ම නෙලලා ඇරියා.. 6 වෙනි වීදුරුව අතට ගනිද්දිම මගේ ඔලුව මැලිගෝ රවුන්ඩ් එක වගේ කැරකෙන්න ගත්තා. ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක් මේ පැත්තට එනවා.. බර්ත් ඩේ බෝයි ද කොහෙද?

- නිකිනි

- නිකිනි... කව්ද බොලේ නිකිනි..
එතකොට කෝ බිනර.. වප්.. ඉල්.. ඉදුවප්..

- මෙන්න බොලේ හාවා මෙතන

- වට් ඩිඩ් යූ ඩ්‍රින්ක්? හාවා ඇහුවේ මගේ අතින් වීදුරුව උදුරන ගමන්..

- වීදුරුව උදුරන්න එපා හාවෝ.. ඔය ඕනනම් තව වීදුරු ගොඩාක් තියෙන්නේ..

- ඩිඩ් යූ ඩ්‍රින්ක් වයින්?
එයා වීදුරුව නහයට ලන් කරන ගමන් ආයෙම ඇහුවා..

- දැන් ඒකද මල්ලි මෙතන තියන ලොකුම ප්‍රශ්නේ.. දැන් තියන ප්‍රශ්නේ තමයි මෙතන හාවො 2ක්.. ම්ම්ම්.. නෑ.. 3 ක් ද කොහෙද.. ඉන්නේ.. කොහොමද කියලා.. හෑ.. මම සූ එකකද බොලේ ඉන්නේ..

- ලෙට්ස් ගෝ...

- අතින් අදින්න එපා හාවෝ.. මට මේ අන්කල් එක්ක ලොකු කතාවක් තියනවා.

niki ( completed) Where stories live. Discover now