මූදු හුලගේ සැරට මගේ කොන්ඩේ මුලු මූන පුරාම..
චික් මේ මගුල මගේ කටෙත් යනවනේ..
මගේ ලගින් වාඩි වෙලා හිටපු ජින් ඔප්පා මගේ කොන්ඩේ කෑල්ලක් අරන් කන පිටිපස්සේ රදවලා මගේ දිහා බලලා හිනාවුනා.. හරියට ෆිල්ම් වල වගේ.. දෙවියනේ...මගේ ජීවිතේටත් එහෙනම් කොල්ලෙක් ආවා.. 😊- " ඔප්පා.. මම කවදාවත් හිතුවේ නෑ ඔයා මට කැමති වෙයි කියලා.. "
ජින් ඔප්පා මගේ දිහා බලලා හිනා උනා. හිනා වෙලා මගේ මූනට පහත් උනා.. දෙවියනේ.. මට මගේ පලවෙනි හාදුව ලැබෙන්නයි යන්නේ..😍 මට නම් මේක හීනයක් වගේ..- නීකී.. නිකී...
- කව්ද..😮 මල්ලි.. එයා මොකද මෙතන කරන්නේ.. 🤔
-" නිකී.. දොර අරිනවකෝ.. නිකී"
- " දොර..? ඌට පයිත්තියන්ද? මොකක්ද දොරක් ගැන කියවන්නේ " 🤔🤔
- " නීකී.. තමුසේ තාමත් නිදිද? .. මේ දොර අරිනවකෝ.. මගුල"
- " නිදිද...? හුටා.. මම නිදිද? හීනයක්ද යකෝ.. 😫😫
හීන ෆැක්ටරියේ වැඩකරන දෙයියත් මගෙන්ම තමයි ආතල් ගන්නේ.. 😥-" මොකෝ වදේ.. 😣 පාඩුවේ හීනයක් වත් බලන්න දෙන්නේ නෑ. " බැන බැන ගිහින් දොර ඇරිය පාර මල්ලි දුවගෙන ඇවිත් ඇදෙන් වාඩි උනා.
- " තමුසෙට තව විනාඩියක් පරක්කු වෙලා එන්න බැරි උනාද?😠 "
මගේ කිස් එක අපරාදේ.. හීනෙන් වත් කොල්ලෙක් සෙට් වෙන්න දෙන්නේ නෑ මේකා.. 😭😭- " ඒ මොකො.. ඒක නෙවෙයි නිකී.. ඊයේ මාර සීන් එකක් වෙලානේ.. ස්ටාෆ් එකේ කෙල්ලෙක්ව අස් කරලා "
-" තමුසේ දැන් දොර කඩන්න හැදුවේ ඔය ඕපේ කියන්නද?"
- " 😕😕😕"
- " හරි හරි.. දැන් මොකද වෙලා තියෙන්නේ ?"
- " නෑ.. ඕන් නෑ.. මම තවත් ඕප කියන්නේ නෑ කියලා තීරණය කලා.. තමුසෙම හොයාගන්නවා"
අපරාදේ මුගෙන් ඕපේ අහගත්තට පස්සේ බනින්න තිබුනේ..
- " හී..😁 නෑ.. නෑ.. කියනෝකෝ.. හොද මල්ලිනේ.. "- " ඊයේ කෙල්ලෙක් ගෲප් එකේ කොල්ලෙක්ව බලෙන් බදාගෙනලු. මන් ඒත් බයවුනා තමුසේ වත්ද කියලා"
- " මූ යකෝ.... 😕
හහ්.. මන් ගැන එහෙමද හිතන් ඉන්නේ.. අපි හරි හැදිච්ච කෙල්ලෝ හරිද මල්ලි.. "
BINABASA MO ANG
niki ( completed)
Fanfictionbts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)