7 කොටස

5.8K 830 48
                                    


අම්මෝ.. මගේ ඔලුව.. 😨 රෑ හීනෙන් ගිනි ගිනි බෝලෙ වත් කලාද යකෝ මන් මෙච්චර ඔලුව රිදෙන්නේ.
හෑ.. 😮 මන් මේ කොහෙද ඉන්නේ.. පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න..
මොකක්ද මම ඊයේ රෑ කලේ..
අනේ දෙවියනේ.. මොකක්ද මම ඒ නටපු පිස්සුව.. ඒත් අන්තිමට හාවා මාව උස්සන් එනවා විතරයි මතක.. 
මොකක්.. හාවා මාව උස්සන් ආවා. 😟😟 කෝ මගේ ඇදුම්.. මේ තියෙන්නේ යහතින් ඊයේ ඇන්දා වගේම. 😁 ඒ උනාට ඉතිං ෆිල්ම් වල නම් ඔහොම කෑල්ලකට පස්සේ කෙල්ලා ඇහැරෙන්නේ එක්කෝ ඇදුම් නැතිව නැත්නම් කොල්ලගේ ඇදුම් ඇදගෙන.. 😏 චික්.. මොනව හිතෙනවාද මන්දා මටත්..

අනේ දෙවියනේ.. මන් යන යන තැන නාගන්නවා තමයි ඒත් මෙහෙම ලැජ්ජාවක්. 😫😫කට කපලා එකයි.. අනේ... මට මැරෙන්න ඕන. අනේ දෙවියනේ මාව කොහාට හරි වාශ්ප කරලා දාන්නකෝ.. එක්කෝ මන් මතකේ නැති උනා වගේ ඉන්න ඕන. ඔය ඕනතරම් කතා වල තියෙන්නෙ පහුවෙනිදා මතකේ නැති වෙලා ඉන්නවා... එත් මගේ මතකේ නැති උනාට වැඩක් තියනවද. අනිත් අයට සේරම මතකයි නේ. 😦 විශේෂයෙන් මැනේජර්ටයි හාවා ටයි. අන්න වැඩේ.. ඒ දෙන්නගේ මතකේ නැති කලානම් හරි. 😁 එක්කෝ පොල්ලකින් ඔලුවට එකක් දීලා.. නැත්නම් පඩිපෙලකින් බිමට තල්ලු කරලා වගේ.. 🤔🤔
ඔය මොකක් කරන්නත් මම මෙතනින් එලියට යන්න එපයි. මන් හිමීට පොරවලා තියන රෙද්දත් එහාට කරලා හොරා වගේ නැගිට්ටා. හිමින් හිමින් අඩි තිය තිය දොරත් ඇරන් එලියට බැස්සා විතරයි කවුරු හරි එන සද්දයක් ඇහුනා. මන් ක්ශනිකව ආයේ හැරිලා කාමරේට දුවන්න හැදුවා විතරයි ඩොහ්හ්... ඔලුව බිත්තියේ... කදුලුත් ආවා ඒකටනම්.
දෙවියනේ.. මම කිව්වේ මගේ මතකේ නැති කරන්න කියලා නෙවෙයි.. අර දෙන්නගේ මතකේ නැති කරන්න කියලා.. ඇයි ඔබ වහන්සෙත් මටම මෙහෙම කරන්නේ.. 😓😓

--------
පාක් එකේ බංකුවක වාඩි වෙලා මම ඉස්සරහ තියන පොකුණ දිහා බලාගෙන හිටියා. මගේ එහා පැත්තේ කොල්ලෙකුත් හිටියා.. කව්ද දන්නවද.. අපේ මල්ලි. ඔව්.. ඌ විතරයි මට කොල්ලෙකුට කියලා සාප දීලා තියෙන්නේ. 😒😒
උදේ හොර ගෙඩියා වගේ රූම් එකට ගිහින් මම මොකුත් උනේ නෑ වගේ ප්‍රැක්ටිස් වලට ගියා. මොකද මල්ලි දැනගෙන අම්මට එහෙම කිව්වනම් මට කෙලින්ම ලංකාවටම ටිකට් එක ඇදෙනවා.

niki ( completed) Where stories live. Discover now