25 කොටස
හාවාගේ අත තාමත් මගේ කට වහගත්ත ගමන්. ඒ අතින් එන අමුතු උනුහුමක් මගේ තොල් වලට දැනුනා.. ඒක නිකම් ඇග කිතිකැවිලා යන හැගීමක්. මන් කොච්චර වෙලා එහෙම හිටියද කියන්න මම දන්නේ නෑ.. සමහර විට මම එකම ඉරියව්වෙන් හිටපු දිගම වෙලාව වෙන්න ඇති. එයාගෙ හුස්ම මගේ බෙල්ලට වදුනකොට නිකම්..
චී... නිකී මේ මොනාද හිතෙන්නේ.. 😳😳
තවත් නම් බෑ..- "දැන් ඇති වදේ.. එහාට වෙන්න.. 😠😠"
මන් හාවාව තල්ලු කරන ගමන් කිව්වා..මේකා හොදට අතපය දිග ඇරලා හිරි ඇරලා ඉස්සරහ බලාගෙන හිනාවෙලා මගේ දිහාවත් බලන්නේ නැතුව නැගිටලා ගියා..
මූ යකෝ.. 😡😡 මෙච්චර වෙලා මම කොට්ටයක් වෙලා ඉදලත් පොඩ්ඩක් තෑන්ක්ස් කරන්නෙ වත් නැතුව වන වන යන හැටි විතරක්..
ඔයාගේ හිත උනුවෙනවා වැඩි නිකී.. 😬😬මන් පට ගාලා නැගිට්ටේ හ්‍යුන්ග් සික් ව හොයාගෙන යන්න. ගිහිල්ලද දන්නේ නෑ අනේ.. මන් පිස්සෙක් වගේ දුව දුව මගේ කපු මහත්තයා ජිමිනාව හෙව්වා..
- " ජිමින්.. ජිමිනෝ.. හ්‍යුන්ග් සික් ගියාද? "
ජිමින් හිටියේ මේකප් රූම් එකේ..- " ම්ම්.. මන් දැක්කා ටේ එක්ක යනවා.. මන් ඇව්ත් බලද්දි මන් දැක්කා ඔයා කුකී එක්ක ඉන්නවා.. "
විලිලජ්ජවයි.. හැමෝම දකින්න ඇති..
-" ඔව් අනේ එයාට මහන්සි කිව්වා.. 😒😒"
මන් ඒක එච්චර ගානක් නෑ වගේ කියලා දැම්මා.. හරියට කොල්ලො දිනපතා මගේ කර උඩ නිදාගන්නවා වගේ..
ජිමින් තව මොනාහරි කියනකොටම රූම් එක ඇතුලට හාවා ආවා.. ඇවිත් වගේ වගක් නැතුව ශර්ට් එක ගලවලා වෙන එකක් අදින්න ගත්තා.. 😳😳 හත්දෙයියනේ මේකා නම් මට හාට් ඇටෑක් එකක් හදවලා තමයි නවත්තන්නේ.. උගුරත් වේලුනා.. මම පට ගාලා එතන තියන වතුර බෝතලයක් අරන් බොන්න ගත්තා..
- " නිකී ඔයා මම කියන ඒවා අහගෙනද ඉන්නේ.. "
- " ආආආආ.. මේඒඒඒ.. ම්ම්.. ඕඕඕඕ..😮😮 "
- " ඔයා ජන්ග්කුක් ට කැමති නේද? "
- " මොකක්.. අහ්හ්.. "😨😨
මට වතුර බිබී හිටපු එක හිරවෙලා එක පාරට කැස්සක් ආවා.. ඇස් දෙකට කදුලුත් ආවා..
ජිමිනා පිටට තට්ටුවක් දැම්මා..
CZYTASZ
niki ( completed)
Fanfictionbts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)