- "දැන් කිස් වගේම කලින් වතාවල් දෙකේත් ආදරෙයි කිව්වෙ සිහි නැතුව හිටපු වෙලාවලදිද.. "- " හපෝ නෑ.. ඔයා නම් හොද සිහියෙන් හිටියේ.. "
- " හෑ.. එතකොට මට මතක නැත්තේ ඇයි.. "
- " මොකද මන් කොරියන් වලින් කිව්වේ.. "
- " 😠😠😠 "
- "මන් කිව්වනේ රවන්න එපා කියලා.. "
- " දැන් කවද්ද කොරියන් වලින් කිව්වේ.. "
- " එයා පෝට් එකේදී ඉස්සෙල්ලම කිව්වේ.. ඔයා යන්න හදපු දවසේ.. ඊට පස්සේ truth or dare කරපු දවසේ.. එදා නම් පොඩ්ඩක් මන් සිහියෙන් නෙවෙයි හිටියේ.. "
- " ඔව්.. ඔව්.. මට මතකයි එදා.. " 😒😒
- " ඉතිං ඔයා මට උත්තරයක් දුන්නේ නෑනේ.. "
- " මොකටද? "
-"ආදරෙයි කියපු එකට "
-" ඒක ප්‍රශ්නයක් නෙවිනේ.. උත්තර දෙන්න.. ඒක ප්‍රකාශයක්.. "
- " මේ.. මම මෙහෙම කෙල්ලෝ ඉස්සරහා සකන්ඩ් වෙන්න ඔන කෙනෙක් නෙවෙයි හරිද.. 😬😬
බෑ නම් බෑ කියන්න.. එච්චරයි.. "ඇත්තටම මම හාවට ආදරෙයිද.. 🤔🤔🤔 මම කල්පනා කරන්න ගත්තා..
මට සාමාන්‍යයෙන් කෙනෙක්ව දැක්ක ගමන් ආදරයක් ඇති වෙනවා.. දැකපු මොහොතේම හිතට ගැස්මක් ඇවිත්.. ඔලුව වටෙන් සංගීතයක් ඇහිලා.. මල් සුවද දැනිලා ඇතිවෙන ආදරේ..
ඒත් හාවා ගැන මට එහෙම දැනිලා නෑනේ.. හාවට එහෙම දැනුනද මන්දා..- " ඔයාට මාව දැක්ක ගමන් මොනාද හිතුනේ.. දැක්ක වෙලාවෙම කැමති හිතුනද.."😁😁
මන් පැනි හිනාවකුත් දාගෙන ඇහුවා..එහෙම ඇහුව ගමන් හාවා හක හක ගාලා හිනාවෙන්න ගත්තා.. 😂😂
- " අර පොලොව බදාගෙන හිටපු වෙලාවෙද..
මේකිට පිස්සුද කියලා නම් හිතුනා ඒ වෙලාවෙදි.. "- " 😡😡😡"
- " මන් කැමති හ්‍යුන්ග් සික් ට. ඔයාට කැමති නෑ.. "
- " හරි මට කැමති නොවුනට කමක් නෑ.. හැබැයි හ්‍යුන්ග් සික් ගැන තියන අදහසත් අයින් කරගන්න. ඒක වෙන්න දෙන්නේ නෑ මම.. මගේ දේවල් වෙන කාටවත් අයිති වෙන්න දෙන්නේ නෑ මන්.. "
DU LIEST GERADE
niki ( completed)
Fanfictionbts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)