4 කොටස

6.1K 866 48
                                    


ප්‍රැක්ටිස් රූම් එක ඇතුලට යන්න කලින් මම පොඩ්ඩක් වටපිට බැලුවා. කොරියාවෙ සුන්දරත්වය බලන්න. ඉන්නකෝ මම ඔයාලට විස්තර කරන්න. අර ඈතින් ලොකු බිල්ඩින් එකක්.. පාට පාට කුඩ දාපු පොඩි පොඩි කඩවල්,, ගෙඩි පිරුනු ගහක්.. තව අර චූටි.. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ගෙඩි පිරුනු ගහක් කියලද කිව්වේ.. අම්මෝ රතු පාට කන ජාතියක් ද මන්දා.. රතු පාට ගෙඩි මාව දැකලා එන්න එන්න.. අපිව කන්න.. කියලා කිව්වා. මගේ බඩේ පනුවොත් තෝ අද උදේට අපිට කන්න දෙන්නේ නැද්ද කියලා ඇහුවා.. වටපිට බැලුවම මෙන්න බොලේ මල්පෝච්චියක ගල් ගෙඩි 3 කුත් තියනවා. 😁😁
මන් ගල් ගෙඩි 3 අරන් ශේප් එකේ ගහ පැත්තට ගියා. පලවෙනි ශොට් එක දුන්නා. කොහෙද,  වැදුනේ නෑ.. ඔන්න ඔය කාරනාවෙදි නම් මල්සරයි මායි එක සමානයි. ඌටත් හරියට ඒම් එක ගන්න බෑ. මටත් හරියට ඒම් එක ගන්න බෑ. දෙවෙනි ගලෙනුත් ප්‍රයෝජනයක් නෑ. 3 වෙනි ගල ඉබලා එහෙම ගලේ කනට ලංවෙලා මෙහෙම කිව්වා. "මයෙ සූකිරි ගල.. අර ගෙඩිය කඩලා දුන්නොත් ඔයාට මම ගල් කෑල්ලක් හොයලා දෙනවා. " දැන් නම් අනිවාර්යයෙන් මේ ගල යනවා යනවමයි. ඔන්න දුන්නා ශොට් එක. ගෙඩිය කැඩුනද කොහෙද. ඔය සද්දෙකුත් ආවෙ. නෑ.. පොඩ්ඩක් ඉන්න. ගෙඩියක් කැඩෙනකොට ඔහොම සද්දයක් නෙවෙයිනේ එන්නේ.. ටලාන්න්.. ගාලා සද්දෙකුත් ඊට පස්සේ මනුස්සයෙක් කොරියන් වලින් කෑගහන සද්දයක්. හුටා.. කාර් එකක සයිඩ් කන්නාඩියක් කුඩු. මම අනිත් පැත්ත හැරිලා වැඩ්ඩා වැඩිල්ලක්.. ඔලිම්පික් එකේ කට්ටිය දැක්කා නම් බලෙන් එක්කන් ගිහින් රන් පදක්කමක් කෙසේ වෙතත් ලෝකඩ පදක්කමක් වත් දෙනවා.

- නිකී කොහෙද හිටියේ..

මන් මේ මීටර් 100 දුවන්න පුරුදු උනා. ඊට කලින් යගුලිය විසි කරන්න පුරුදු උනා.😁😁

එයාලා ප්‍රැක්ටිස් වලට චේන්ජ් කරනවා.. වාහ්.. මේ දෑස මගේ පින්වන්තයි... කටත් පොඩ්ඩක් ඇරුනා. ඇයි වදේ.. මල්ලිගේ දිවට විතරද කෙල්ලෝ බලන්න හොද. මගේ දිවත් ඔය ඉදලා හිටලා කොල්ලෙක් දැක්කා කියලා රහ නැති වෙනවය.   😁😁  ඒ වෙලාවෙම කවුරු හරි දන්නේ නැති මනුස්සයෙක් කලබලෙන් වගේ රූම් එක ඇතුලට ආවා. හතිලව්වයි.. කාර් එකේ අයිතිකාරයද දන්නේ නෑ.
මන් එහෙමම දුවලා ගිහින් හැංගෙන්න හිතාගෙන අඩියක් පස්සට ගත්තා විතරයි.. කවුරු හරි වලාමක් අටවපු වයර් කෑල්ලක පැටලිලා මම උඩිබැලි අතට ඩොහ්හ්හ්...

අම්මේ...
අම්මා මාව බූමි නැකතකද ඉපැද්දුවේ.. ඇයි අම්මේ මම හිටගෙන ඉන්නවට වඩා වැඩි වෙලාවක් බිම පතබෑවිලා ඉන්නේ.. 😬
එක පාරටම මගේ මූනට එබුනා ඇස් දෙකක්..
ජිමින්.. 🤩🤩 එබිලා මගෙන් are you okay .. කියලා ඇහුවා..

ලස්සනයි...

- වට්..

- ලස්සනයි.. ඔයාගේ ඇස්.. දුබුරු පාටයි. දිලිසෙනවා. පිස්සු හැදෙනවා. 😍
මම සිංහලෙන්ම කියලා දැම්මා. මොකෝ තේරෙනවා කියලයි. දෙවියනේ මට මගේ හිතේ තියන කෝටියක් හැගුම් ප්‍රකාශ කරන්න අවස්තාවක් අරන් දුන්නට බොහොම පිං. 😇 ඔය අස්සේ තව ඇස් දෙකක් එබුනා. ජින් කියලද හිතුවෙ.. මට කොහෙද එහෙම වාසනාවක්. ඒ අපේ මන්ගොල්ලි.. ඌත් ටයිමින් බලලා මේ වගේ අවස්ථා වල මැදට පනින්නම දෙයියා.
අම්මේ.. ඇයි අම්මේ මාව මූත් එක්ක ඉපැද්දුවේ.
අද නම් මල්ලි හිනා උනේ නෑ. උගේ මූන රතු වෙලා. හොස්ස දික්වෙලා.

- නිකී.. ඇයි ඕයි යන යන තැන පොලව ඉබින්නේ.. ඔයා professional artist කෙනෙක්. ඒ විදියට හැසිරෙනවා. මටත් ලජ්ජා  කරන්නේ නැතුව.

- පුහ්.. මුගේ ගනකම.. වැටුනේ මම ලජ්ජා හිතිලා තියෙන්නේ මෙයාට. 🙄
මේ මල්ලි නැටුම් පටන්ගන්න කලින් බූමි වන්දනාව කරන්න ඕන කියලා ඔයා දන්නේ නැද්ද.. 😅 දන්නේ නැත්නම් මගෙන් ඉගන ගන්න. හුම්ම්..
අදත් මමම තනියම නැගිට්ටා. හැමෝම කින්චානයෝ.. කින්චානයෝ..  කියලා ඇහුවා. මම ඉතින් මම වැටුනේ නෑ.. පොඩ්ඩක් රිලැක්ස් කලා වගේ අතපයේ හිරි ඇරියා.. හාවා නම් ඇස් දෙකත් පුංචි කරන් මම දිහා බලන් හිටියා විතරයි. ඒ මූනත් මල්ලිගේ මූන වගේ. හොස්ස දික්වෙලා..  මොන අන්දකයිප්පුවක් වෙලාද මන්දා මට රවන්නේ. 🤔 හුටා.. ලිෆ්ට් එක ඇතුලට කෙලගෙන යන්න ගියපු වෙලාවෙ මගේ අතක් පයක් වත් නරක තැනක වැදුනද? 😱😱
එක අතකට හාවාගේ ඇගේ වැදුනු වෙලේ ජින් ගේ ඇගේ වැදෙන්න සැලැස්සුව නම් ඔහේගෙ අතක් පයක් ගෙවෙනවද මහ ඹබෝ.. එහෙනම් මම අර ෆිල්ම් වල වගේ ජින්වත් පෙරලගෙන එයාගේ ඇග උඩ වැටිලා.. වැරදිලා වගේ තොල වැදිලා එයාගේ තොලේ... අම්මෝ.. 😚😚 හිතනකොටත් හද සන්තානයම කිති කැවිලා යනවා..😊😊
කොහෙද ඉතිං මගේ දෛවයේ ලියවිලා තියෙන්නේ තනියම වැටිලි විතරයි. 😒
" දෙවියනේ..  ඊයේ ප්‍රාර්ථනාව පොඩ්ඩක් එඩිට් කරන්න පුලුවන් ද. මට පනපිටින් ගෙදර යන්න ඕන. ඒත් ඒ කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන. " 😇😇

...............................

niki ( completed) Where stories live. Discover now