2 කොටස

7.4K 930 88
                                    

බිල්ඩින් එක ඇතුලට දකුණු කකුල තියන ගමන් මම ප්‍රාර්ථනාවක් කලා..

" අනේ දෙවියනේ.. යන යන තැන චාටර් පදක්කම මට මේ සැරේ නම් ලැබෙන්න එපා. ඔන්න ඒක කාට හරි දෙන්නම ඕන නම් අපේ මලයට දුන්නට මගේ කිසිම විරුද්ධතාවයක් නෑ. " 😇😇

මෙන්න බොලේ රිසෙප්ශන් එකේ කිරි කිරි ටොයින් ටොයින් කෙල්ලෙක්. වාහ්හ්.. අපේ මල්ලිගේ කට ආයෙත් ඇරුනා. එක්කෝ ඌ කෙල්ලට දිව පෙන්නුවා. නැත්නම් දිවට කෙල්ල පෙන්නුවා.

- නිකී .. මන් අර කෙල්ලගෙන් අහන් එන්නම් කොහටද යන්න ඕන කියලා. ඔයා මෙතනින් ඉන්නකෝ..

හම්මෝ.. ආදරේ වෑහෙනවා ඔය වෙලාවට නම්. අපේ මලයා කෙල එහෙම පිහිදාගෙන තැන්පත් ගමනින් වන වන ගියා. ගිහින් මක්කද කියවනවත් දැක්කා. පොර මන් ගාවට ඇවිත්..
" නිකී.. උඩට යන්න ඕනලු. ඔයා ලිෆ්ට් එක ගාවට යන්න. අර පැත්තේ " කියලා අලෝකයේ වේගෙන් අතුරුදහන් උනා.

පුහ්.. මුගේ ගනකම. අසරන මම. මම ඉතිං ලිෆ්ට් එක ගාවට යද්දි අපේ මලයත් අර කෙල්ල එක්ක වැනි වැනි ආවා.

ඇත්තටම කිව්වොත් අපේ මල්ලි ප්ලේ බෝයි ටයිප් එක්කෙනෙක් නෙවෙයි. ඌ කරපු ලව් සේරම සත්‍ය ප්‍රේම බෘංග රාජයා වගේ හද පත්ලෙන් නැගී එන ප්‍රේමයෙන්ම කලා. ඒත් මුගේ අහස තරම් ආදරේ දරාගන්න බැරිව ඒ කෙල්ලෝ සේරම සපත්තුව තියලා මාරු උනා. මම කලින් ඒවට නම් උදව් කලා.
ඔන්න මේ සැරේ නම් මම සත පහක.. ආ.. නෑ.. වොන් එකක වත් උදව්වක් කරන්නේ නෑ.. මොකද ඊට පස්සේ මම එපයි මුගේ දුක් ගැනවිලි, අදෝනා, හැලහැප්පීම් අහගෙන ඉන්න.

හහ්.. මම ගැන ගානක් වත් නෑ. හරිම සංවර, අහිංසක, තැන්පත් ලමයෙක් වගේ කෙල්ල එක්ක කතව.  ඉන්නවකෝ හොද වැඩක් කරන්න. ලිෆ්ට් එක ආපු ගමන් මන් ඉක්මනට උඩට නැගලා තනියම ගිහින් අම්මට කෝල් එකක් දීලා කියනවා , මූ මාව තනියම යවලා කෙල්ලෝ පස්සේ ගියා කියලා.. හිටුකෝ කරන්න.

ලිෆ්ට් එක ඇරුනා විතරයි අර මොකටද පෙට්‍රල් දාපු බව්වා වගේ මම ලිෆ්ට් එක ඇතුලට පැන්නා විතරයි මොකක්ද එකක හැප්පිලා රුන්ද ගතං තක දොමිකිට පස්ස බිමං දොං කියලා  අඩි 2ක් පස්සට වීසි වෙලා බිම ඉන්දුනා. පස්සත් රිදුනා. ඊට වඩා හිත රිදුනා. විලි ලැජ්ජාවයි..

සරණක් පතා මම මගේ එක කුස උපන් සහෝදරයා දිහා බැලුවා. මම දිහා තත්පර 2ක් විතර බය වෙලා බලන් හිටපු මල්ලි ඊට පස්සේ මට නැගිටින්න අත දුන්නා කියලද හිතන්නේ. නෑ.. හිතවතුනි, ඌ බඩ අල්ලන් හිනාවෙන්න ගත්තා.  බිම පෙරලි පෙරලි, බිත්ති වලට ගහ ගහ හිනාවෙන්න ගත්තා. සංවරකම් කැලේ.. නොදෝමකින් ජාති ජාතිත් මෙහෙම සහෝදරයෝ නම්..

හරි .. හිනාවෙලා ඉවර වෙලා වත් මාව නැගිට්ටවයිනේ. මන් වැටුනු විදියටම හරි බරි ගැහිලා වාඩි උනා.
ඔය අව් අස්සේ තත්පර 5 යි අරික්කාලක් ගියාට පස්සෙ මට මතක් උනා මම හැප්පුනේ මොකේද බලන්න. අල ගෝනියක්, පිටි මුට්ටියක් බලන්න බලාපොරොත්තුවෙන් මන් ඒ දිහා බැලුවත්, එතන හිටියේ හීන්දෑරි කියුට් කොල්ලෙක් කටත් ඇරන් හා දත් දෙකකුත් එලියේ දාන් හිටියා.  හෆ්ෆා.. මම මුගේ ඇගේ හැප්පිලාද වැටුනේ.. මොනා උනත් පොර බය වෙලා වගේ. රිදුනේ නැති බව පෙන්නන්න මන් දත් 34 ම දාලා සුකුමාල හිනාවක් දැම්මා. 34 ක්?  මට වැරදුනා කියලද හිතුවෙ. නෑ..නෑ.. මට දත් 2 ක් වැඩිපුර තියනවා. හදිස්සියකට ප්‍රයෝජනයට ගන්න කියලා ස්පෙයා වීල් දෙකක් මම ලගතියාගෙන ඉන්නේ.. ප්‍රයෝජනේ මොකක්ද කියලද ඇහුවේ.. අපේ මල්ලි ගොන් කතාවක් කියන වෙලාවට එහෙම උගේ අතේ දත් මාර්ක් එක තියන්න වගේ ඒවා තමයි.

මගේ සුකුමාල හිනාවට රැවටුනු හා කොල්ලා මට නැගිටින්න අත් දුන්නා කියලද හිතන්නේ.. නෑ පිංවතුනි.. මගේ ඇගේ වැදිලා ඌ වැටුනා වගේ මට රවාගෙන යන්න ගියා. නොදකින් රට හාවා. දෙන්න හිතයි හා දත් දෙක බඩට යන්න.

අපේ ගොන් මල්ලී තාම හිනාවෙනවා. හිනා වෙවී ෆොටෝ එකකුත් ගත්තා. හරි පුතෝ.. හිනාවෙයංකෝ.. ගිය අවුරුද්දේ ජුනි 3 වෙනිදා වතුර එක ඉල්ලලත් දුන්නේ නැති එකටත් එක්ක මම උබට රිටන් එක දෙන්නම්කෝ කියලා හිතන ගමන් මම තනියම නැගිට්ටා. පස්ස අතගාගන්නත් උවමනාව තිබුනා. ඒත් කලේ නෑ. කොහේ cctv තියනවද දන්නේ නෑනේ. රිදුන් නෑ වගේ ඉන්න ඕන.

අසරණ මං. දෙවියනේ බොහොම ස්තූතියි මගේ ඉල්ලීමට ක්ශනිකව ප්‍රතිචාර දැක්වුවට.
නිකී.. උබේ පටන් ගැන්ම නම් නියමයි. ඉතුරු දවස් ටික මොනා වෙයිද මන්දා. මම ක්ශනිකව මගේ ප්‍රාර්ථනාව වෙනස් කලා.  "දෙවියනේ.. මම වැඩි දෙයක් ඉල්ලන්නේ නෑ. මට පනපිටින් ගෙදර යන්න පුලුවන් වෙන්න."
............

හාවා

හාවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
niki ( completed) Where stories live. Discover now