21 කොටස...අපිට ආයේ හදිස්සියෙම කොරියා එන්න උනා.. මොකටද දන්නවද.. ෆිල්ම් එකේ වැඩේ හරි ගිහින්.. ප්‍රදාන චරිතෙ නම් නෙවෙයි සහය නිලි චරිතයක්.. මොකක් හරි කමක් නෑ ඉතිං ෆිල්ම් එකක්නේ.. හී 😁😁
ටික දවසක් ඉන්න වෙන නිසා අයියට එන්න බෑ කිව්වා.. ඉතිං මලයාත් එක්ක තමයි ආවෙ..
අනේ මට මේ පාරවල් දකිද්දී හරි සතුටුයි.. යේ... 😍😍
මන් කාර් එකෙන් එලියට ඔලුව දාලා කෑ ගැහුවා..
- " ජින් ඔප්පේ මන් ආයේ ආවා.. "
- " නිකී ඔයා ජින් හ්‍යුන්ග්ටද කැමති"
මල්ලි ඇස් ගෙඩි දෙක ඔලුවෙ තියන් ඇහුවා..😮😮
-" ඔව්.. ඇයි.. ප්‍රශ්නයක්ද"
- " ආ.. මන් හිතුවේ 🤔🤔.. ම්ම්ම්... එහෙනම් මොකටද ඕයි අර ලෙක්චරයට හා කිව්වේ🙄🙄
- " මන් ජින් ඔප්පාට කැමති උනාට එයා මට කැමති නෑනේ ඕයි.. 😒"
- " හ්ම්ම්ම්... නිකී තරහද"
- " මොකටද"
-" අර ලෙක්චරයා එලෙව්ව එකට. එයා ගැලපෙන්නේ නෑ නිකී.. ඔයාට ඕන කෙනා අම්මා තොරලා හරියන්නෙ නෑ.. ඔයාමයි හිතලා තෝරාගන්න ඔන. "
-" අවුලක් නෑ හලෝ.. කොහොමත් එයා හරියන් නෑ..
මේ තමුසේ නේද අර පිස්සු විස්කෝත්තාට මාව බලන්න කොල්ලෙක් එනවා කියලා කිව්වේ😠😠 "- " විස්කෝත්තා.. ඒ කව්ද"
- " කුකී බන් "
- " අනේ මන්දා හාවාලු විස්කෝත්තලු.. නෑ මන් එයාට කිව්වෙ නෑ. මන් කිව්වෙ ටේහියුන් ට"
- " ආ ටේහියුන් කෝල් කරාද.. මොනාද කිව්වේ"
- " මරු වැඩක් වෙලානේ අර හෙයා ස්ටයිලිශ් නූනා ජියොන් නංගිට කම්මුලට ගහලනේ.. "
- " මොකක්.. 😑
- "ඔව්.. බලහන්කෝ මන් හිතන් හිටියේ පෙනුමේ හැටියට හරි අහිංසක ඇති කියලා.."
පව් මෙයාගේ සුචරිතවත් ප්‍රේමිය..
ඒත් එක්කම මලයගේ ෆෝන් එක රින් උනා. එයා ඒක කනේ ගහගත්තා ..
මන් කල්පනා කරන්න ගත්තා.. ජියොන් නංගිට කෝල් එකක් වත් දෙන්න බැරි උනානේ.. මේකි ගුටිකාලා සද්ද නැතුව ඉදලද? දෙන්න තිබ්බනේ අනිත් පැත්තට..
YOU ARE READING
niki ( completed)
Fanfictionbts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)