" හදවත ඉල්ලාආආආආආ.... නොලැබුනු විටදීඊඊඊඊඊඊ... "- "ඒ නවත්තගන්නවකෝ අඩෝවැඩියාව.. " මල්ලි එතනට ආවේ කන්දෙකේ ඇගිලි ගහගෙන..
- "තමුසේ මොකද හැමතිස්සෙම මන් සිංදු කියනකොට නවත්තන්නේ..😕😕 මගේ හැකියාවෙන් ඉහලට යාවි කියලා ඉරිසියයි නේද? "
- " ඔයාගේ හැකියාව නිසා අහන් ඉන්න අය නම් ඉහලට යාවි. ස්වර්ගස්ත වෙලාම.." ඒකනෙවෙයි නිකී අර මස්සිනාගේ පුංච් අම්මගේ කකුලට මැහුම් 2ක් ගහලලු.. "
මල්ලි කිව්වේ මගේ ඉස්සරහා පුටුවක් ඇදගෙන වාඩි වෙන ගමන්..- "හී..😁 අම්මට ඇහෙන්න කියන්න එපා යකෝ.. මගේ කටට මැහුම් ගහවි"🤐🤐🤐
- " අනිත් දවසේ තමුසෙව බලන්න මනමාලයෙක් එනවා නම් ඌටයි පවුලේ අයටයි හෙල්මට් දාන් එන්න කියන්න ඕනි. ඇම්බියුලන්ස් එකකුත් රෙඩි පිට තියාගන්න ඕන. නැත්නම් තමුසෙගෙ හෙප්පු ප්රහාරයක් කාලා එකෙක් මැරිලා තමුසෙට හිරේ යන්නත් වෙවී.. "
- " මේ මල්ලී.. තනියම නම් යන්නේ නෑ මන්. තවුසේ එක්ක හව්ලේ ප්ලෑන් කරලා මැරුවා කියනවා " 😏😏😏
- " ආන් තාත්තා විසිල් පාරකුත් දාන් එනවා අම්මා එක්ක..
මොකද තාත්තේ සතුටින් අම්මා ඩිවෝස් එක වත් දෙන්නම් කිව්වද? " 😂😂- " එහෙම වාසනාවක් කොහෙද කොල්ලො අපිට.. 😁" එහෙම කියාගෙන තාත්තත් ඇවිත් අපේ ගාවින් වාඩි උනේ ඇහැ කොනෙන් අම්ම දිහා බලන ගමන්..
හී..😁 අම්මා තාත්තට රැව්ව රැවිල්ලේ හැටියට මා ඩැඩාට අද බත් නෑ..
- " චූටි පුතා කට "😠😠
තාත්තට රවලා අම්මා මල්ලිට ගෙරෙව්වා.. ඊට පස්සේ මගේ දිහා හැරිලා හොද හිනාවක් දැම්මා..ඔන්න පුතෝ ඒකට නම් මගේ ඇග සලිත වෙලා වත මිලින උනා.. ඒ හිනාව නම් එච්චර හොද දෙයක් නෙවි.
- " ඔන්න දෝනි සුබ ආරන්චියක්..😊😊 "
- " මොන.. අම්මට ටිකට් එකක් වත් ඇදුනද.. අනේ අම්මේ මට ලැම්බොගිනියක් අරන් දෙන්නකෝ.. " මම කිව්වේ දඩාර් ගාලා පුටුවෙන් නැගිටලා අම්මගේ ඇගේ පැත්තකින් එල්ලෙන ගමන්..
- " අනේ අම්මේ නිකීට අරන් දෙනවනම් මටත් ඕන.. "
මල්ලිත් මැදට පැනලා අනික් පැත්තෙන් එල්ලුනා.. මූ යකෝව්.. මගේ මිනිහත් ඉල්ලයිද මන්දා.. 😒😒
![](https://img.wattpad.com/cover/248940626-288-k400648.jpg)
KAMU SEDANG MEMBACA
niki ( completed)
Fiksi Penggemarbts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)