11 කොටස

5.3K 814 33
                                    


- "පල්ලි". මොකාද මේ දොරට තඩි බබා පල්ලි යන්න කතාකරන්නේ..

මම ගිහින් දොර ඇරිය විතරයි
-"ආව්.. යකෝ නලල.. දොර ඇරියට පස්සෙත් තට්ටු කරන්නේ මොකද ඕයි?"

මෙන්න බර්ත්ඩේ බෝයිනුයි නෙල්ලි කැලේ බුරියයි ඉන්නවා😏

-"මොකද පල්ලි යන්න කතාකරන්නේ මේ දැන්? "

- " 😂😂 අයියෝ නිකී පල්ලි යන්න නෙවෙයි. කොරියන් වලින් පල්ලි කියන්නේ ඉක්මන් කරන්න කියන එක."
මල්ලි කිව්වේ කොරියන් බාශා විශාරද පට්ටම හම්බවෙලා වගේ අහසේ පාවෙවී..
-"පුහ්.. කොරියන් වචනක් අහුලගෙන මේ ගෙම්බා ගියපු උඩ."

-"හරි දැන් මොකටද ඉක්මන් කරන්නේ"

-"මැනේජර් හදිස්සියෙම ඔයාට එන්න කිව්වලු. "

- "හෑ.."
මල් පෝච්චි දෙකේ ගාන පඩියෙන් කපාගන්නවා කියන්නද දන්නේ නෑ. ඒක කැඩුවේ මම නෙවෙයි ජිමින් කිව්වා නම් හරි. එක්කෝ ඔන්න එකක් මම කැඩුවා අනික ජිමින් කැඩුවා කියලා කියනවා. 😁😁

- "හරි යන්කෝ බර්ත්ඩේ බෝයි" මන් බර්ත්ඩේ බෝයි ගේ පිටිපස්සෙන් වැටුනා.. මල්ලිත් වලිගේ වගේ මගේ පස්සේ එල්ලුනා.

-"තමුසෙත් එනවද "

-"නැතුව"

-"ඔච්චර පරිස්සම් කරන්න ඕන නෑ මල්ලෝ ඔයාගේ සුදු අක්කව 😁 "

-"නෑ.. නෑ.. තමුසෙගෙ පරිස්සමට නෙවෙයි එන්නේ මම. මේ කොල්ලාගේ පරිස්සමට.. මට තමුසෙව ශුවර් නෑ"

- " 😡😡"
------------------

එලියේ ධාරානිපාත වැස්ස. සීතලත් එක්ක. කාර් එකේ වීදුරුවෙන් එලිය බලාගෙන මම කල්පනා කරන්න ගත්තා. ජින් ඔප්පේ.. ඔයත් මෙතන හිටියනම්. මුන් දෙන්නා නැතුව. එහෙනම් අපි දෙන්නට ආදරෙන් වෙලිලා ඉන්න තිබුනා ගැරඩි දෙන්නෙක් වගේ... ඊයා.. මොනවා හිතෙනවද මන්දා.. මට සර්පයෝ පේන්න බෑ.

කාර් එකේ දොර අරිනකොටම බර්ත් ඩේ බෝයි මට කලින් ඉක්මනට බැහැලා කුඩයකුත් දිග අරන් ඇවිත් දොර ඇරියා. ශා.. 😍 කොරියන් ෆිල්ම් එකක් වගේ.. ඔන්න පුතේ මට ඔයාටත් හිත යයි වගේ.. ජින් ඔප්පේ මගේ සදාතනික ප්‍රේමය ඔයා තමයි.. ඒත් ඉතින් හදිස්සියකට ප්‍රයෝජනයට ගන්න කියලා ස්පෙයා වීල් එකක් තියන් හිටියට ලොකු අවුලක් නෑනේ.. 😏

niki ( completed) Where stories live. Discover now