24 කොටස

5K 805 26
                                    

- " පාර්ක් හ්‍යුන්ග් සික්.. ඔයා එයාට කැමතිද? "

- " හී.. 😁😁

- " එයාව අපේ ටේ අදුරනවා.. ඒ දෙන්නා එකට ඩ්‍රාමා එකක රගපෑවා.. "

- " සීරියස්ලි.. 😮😮 වාහ්.. '

- " එන්න අපි ටේ ට කියමු අනිද්දා කොන්සට් එකට එයාට ඉන්වයිට් කරන්න කියලා.. "

- " ටේ යෝගි වා.. පල්ලි.."

ජිමින් කතාකරපු ගමන් ටේ ඇවිත් බැල්කනියට එබුනා.. එයා එක්ක හාවාත් එබුනා.. මලා..

- " ටේ ඔයා දන්නවද වැඩක්"

මේ ජිමිනා ගම කන්නයි යන්නේ.. හාවා දැනගත්තොත් නම් ඒකටත් බකට් එක දාවි. මන් වැලමිටෙන් ඇන්නා ඇන්නා කියන්න එපා කියන්න. කොහෙද මේකට ඒක තේරෙන්නේ නෑ.. මක්කද මන්දා කොරියන් වලින් කියෙව්වා හ්‍යුන්ග් සික් ගේ නම කියනවත් ඇහුනා.. වැඩේ හරි වගේ..

හාවා රැව්වා රැවිල්ලක්.. ටේහ්‍යුන්ගෙත් කට ඇරුනා..

ඊට පස්සේ ටේහ්‍යුන් ජිමින්ට මොනාද කිව්වා..

- " නිකී.. අරයාගේ ෆෝන් නම්බර් එක තියෙන්නේ ටේගේ ෆෝන් එකේලු. මන් එයාගේ රූම් එකෙන් ඒක අරන් එන්නම් හොදේ.. "
ජිමිනා එහෙම කියලා නැගිටලා දිව්වා..

අම්ම්ම්ම්... මාත් යන්න ඕන. මෙතන ඉන්න එක එච්චර ඇගට ගුන නෑ වගේ.. මාත් හිමීට නැගිටලා මාරු වෙන්න හැදුවේ..

හාවා එකපාරට මාව ඇදලා බැල්කනියේ අත්වැටට තියලා තද කරලා මූනට පහත් උනා.. එන පොට හොද නෑ නිකියෝ.. මන් පට ගාලා අත් දෙකෙන්ම කට වහගත්තා..

ඒකට නම් හාවාට තරහ ගියා වගේ.. සෝජු නිසා ඇස් දෙකත් පොඩ්ඩක් රතු වෙලා..

- " වටේම ඉන්න කොල්ලො කිස් කරන්න හොදයි.. මන් විතරක් හොද නැද්ද.. "

එහෙම අහලා තව මොනවද මොනවද කොරියන් වලින් කියවන් ගියා.. මෙයාට සැරින් සැරේ අමතක වෙනවද මන්දා මන් ලංකාවේ කියලා.. ඉංග්ලිශ් වලින් කියන්න කියලා කියන්න හදලත් කටෙන් අත අරන් නිකම් අවදානමක් ගන්න ඕන නැති නිසා එහෙමම අහන් හිටියා..

විනාඩි 2ක් ව්තර අහන් ඉදලා බැරිම තැන අත කටේ තියන්ම කිව්වා..තේරෙන්නේ නෑ කියලා.. ඇයි වදේ අතත් රිදෙනවා උස්සන් ඉදලා.. එකම විදියට ඉන්නත් අමාරුයි..

niki ( completed) Where stories live. Discover now