Hospital එකෙන්. ? ""Na Eun Hye කියන්නෙ ඔයාගෙ අම්මද?"
"අනේ මගෙ අම්මට මොකද වුණේ?"
මට අම්මගෙ නම ඇහෙනවත් එක්කම හිතට ආවෙ ඒ ප්රශ්නෙ. ඒ ටික වචන වලට පෙරලෙන්න ඒ තරම් වෙලාවක් ගතවුණේ නෑ.
"Mrs. Na පාලම ලගදි accident වෙලා තියනවා. එයාගෙ ඔලුව ගොඩක් ඩැමේජ් වෙලා. එයාව ICU එකට දැම්මා. Legal documents ටික complete කරන්න guardian කෙනෙක් ඕනෙ"
මම පිස්සුවෙන් වගේ පාර දිගේ දිව්වා විතරයි මතක. පොඩි කාලෙ ඉදලා අම්මත් එක්ක ගත කරපු ජීවිතේ ගැන මතකයන්ගෙන් විතරයි ඒ වෙලාවෙ මගෙ හිත පිරිලා තිබුණෙ. මට වයස අවුරැදු තුනේදි තාත්තා නැතිවෙලා තියෙන්නෙත් car accident එකකින්. එදා ඉදලා කාත් කවුරැවත් නැතුව මාව බලාගත්ත අම්මා තමයි මගේ ලෝකෙ. ඒ ලෝකෙ කඩා වැටුණොත් ආයෙ කවදාවත් ගොඩ නගන්න බෑ කියලයි මට හිතුණෙ. සතුට කියන දේ ආයෙ කවදාවත් මගෙ ජීවිතේට ලං වෙන එකක් නෑ.
____________________________
අම්මා ගැන ආරංචියක් ලැබෙනකම් මම වහලා තිබුණ OR එක ඉස්සරහින් එහෙට මෙහෙට ඇවිද්දෙ එක තැනකට වෙලා ඉන්න තරම් සන්සුන් කමක් හිතේ නැති නිසයි. ටික වෙලාවකින් දොර ඇරැණා.
"අනේ doctor මගෙ අම්මට දැන් කොහොමද?"
"Life risk එකක් නෑ. අවදානම් තත්වෙන් මිදිලා ඉන්නෙ එයා. ඒත්..."
"ඒත් මොකක්ද?"
"එයා සෑහෙන ලොකු කම්පනයකින් ඉන්නෙ . ඒකෙන් මොලේට ලොකු හානියක් වෙලා. සිහිය ආවත් එයාට කිසි දෙයක් මතක තියන එකක් නෑ. එයාට Amnesia."
"ඒකට කිසිම treatment එකක් නැද්ද?"
"එයාව සාමන්ය තත්වෙට ගන්න නම් අපිට සෑහෙන කාලයක් එයාව මෙහෙ තියාගන්න වෙනවා. "
_____________________________
පාර දිගේ ඔහේ ඇවිදගෙන යන ගමන් මම කල්පනා කලේ අම්මගෙ treatments වලට යන සල්ලි හොයා ගන්නෙ කොහොමද කියලයි.මේ වෙනකම් අම්මයි මමයි ගත කලේ සාමාන්ය ජීවිතයක්. අපි දෙන්නගෙම accounts වල සල්ලි එකට දැම්මත් එච්චර ලොකු ගාණක් නෑ. හැබැයි අපි ඉන්න ගෙදර විකුණන්න දැම්මොත් ලොකු ගාණක් හොයා ගන්න පුලුවන්. තව මට part time job එකක් කරන්නත් පුලුවන්. Actress කෙනෙක් වෙන්න මගෙ තිබුණ හීනෙත් එහෙමම බොද වෙලා ගියා.
ඒත් මේ හැම දේකටම මට දැන් තනියම මුහුණ දෙන්න වෙනවා ඒකට මම ශක්තිමත් වෙන්න ඕනෙ. ඔව්! මගේ අම්මා වෙනුවෙන්.
ESTÁS LEYENDO
Just another spring
FanficWhat is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණ...