Just Another spring- chapter 11
___________________________________*WEDDING ANNOUNCEMENT*
"Actress Jang Na Ra reveals her romantic relationship with Park Bo Gum. They plan to get married on 10th august 2017"
දෙවියනේ! මේ අද හවස මාත් එක්ක කතා කරපු කෙනා නේද?
ඊට පහලින් තිබුණෙ ඒ දෙන්නා මුහුදු වෙරලෙදි ගත්ත photo එකක්.
Bo Gum මෙයත් එක්ක තියන සම්බන්ධෙ මොකක්ද?"මොකක් දිහාද ඔච්චර කට ඇරගෙන බලාගෙන ඉන්නෙ? කවුරැ හරි ඔයාට කැමතියි කිව්වද? ඒක නම් පුදුම වෙන්න ඕන දෙයක් තමයි.😂😂😂"
එහෙම කියාගෙන කාමරෙන් එලියට ආව Min Soo මගෙ phone එකට එබුණා. මම එයාගෙ මූණ දිහා හොදට බැලුවෙ Bo Gum ගෙ මූණ දැක්කම එයාගෙ මූණ ඉස්සර වගේ වෙනස් වෙයිද බලන්න. ඒත් එහෙම වුණේ නෑ. ඒ මූණෙ ඇදුනෙ උපහාසාත්මක හිනාවක්.
"ඔයා මොකද හිනා වෙන්නෙ? මට නම් ඇල්ලුවෙ නෑ😠😠"
මම එහෙම කිව්වම එයා ආයෙත් හිනා වුණා.
"ඔයාට වෙන වැඩ නැද්ද මේ කුණු ගොඩවල් දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න. මේ actress TV එකක ඉන්නවාවත් මම නම් දැකලා නෑ😏😏😏."
එහෙම කියාගෙන ගිහින් එයා fridge එක ඇරලා වතුර වීදුරැවක් බීගෙන බීගෙන ගියා.
"ඔයා මෙච්චර වෙලා කාන්තාරෙකද හිටියෙ?😏😏😏😏
"ඔය high school seniorsලා ගිහින් පොතක් බලා ගත්තොත් හොද නැද්ද?😏😏"
එහෙම කියලා එයා ආපහු කාමරේට ගියා.
මෙයා අද රෑටත් කන්නෙ නෑ වගේ. මම ramen ටිකක් හදාගෙන කාලා උඩට ගියේ graduation එකත් ලග නිසයි. shooting නිසා තවත් වැඩ ගොඩ ගැහිලා. ඒත් මේ තියන ප්රශ්න හින්දා මගෙ system එකම අවුල් වෙලා තියෙන්නෙ.
පහුවෙනිදා උදේ මම ඉස්කෝලෙ යනකොටත් මුලු ඉස්කෝලෙම කැලබිලා.Bo Gum ගෙ fans ලා සේරම Jang Na Ra ට බැන බැන SNS එකට Comments දානවා.
"Min Hwa මේක ඇත්තක්ද? ඔයා shooting කරන්නෙ Bo Gum oppa එක්ක නේද? එයාලා ඇත්තටම marry කරනවද?"
මම class එකට යනවත් එක්කම ඒ වගේ ප්රශ්න ගොඩක් ඉදිරිපත් වුණා. ඒත් මම ඒක ගැන දන්නෙ එයාලා දන්න ටිකම තමයි.
මම Bo Gum ට call කලත් ඒ phone එක off කරලා දාලා. "හෙට shooting ගියාම දැනගන්න ලැබෙයි." මම එහෙම හිතුවා.
_____________________________________
ESTÁS LEYENDO
Just another spring
FanficWhat is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණ...