Chapter 28

137 29 5
                                    

දැන් එතකොට මම ගැරේජ් එකට වෙලා ඉන්න ඕනෙද😠😠 ඒක නම් කීයටවත් වෙන්නෙ නෑ.
ඒත් මම දොර ගැලවෙනකම් තට්ටු කලත් Min Soo ඒක ඇරියෙ නෑ. ඒකෙන් වැඩක් වෙන්නෙ නැති නිසා මම දොරට හේත්තු වෙලා ඉදගෙන සින්දුවක් කියන්න පටන් ගත්තා.

"මම ඉන්නේ....... එලියේ...... තනියෙන්!

මම ඉන්නේ..... "

මම දොරට පොඩි තට්ටුවකුත් දාගෙන හොදට ශෘතියෙ පිහිටලා සින්දුව කිය කිය ඉන්නකොට වැහි පොද එක දෙක වැටෙන්න පටන් ගත්තා.
මම ඉක්මණට දුවලා ගැරේජ් එක ඇතුලට ගියේ මෙතන හිටියොත් තෙමෙන නිසා.

එතන දූවිලි පිරිලා. ඒ මදිවට කොහෙද මුල්ලක ඉදල මකුලුවෙකුත් එලියට ආවා.
අනේ දෙවියනේ! මගෙ fansla දන්නවනම් එයාලගෙ නිලි රැජින අද මෙහෙම කලුවරේ දුක් විදිනවා කියල අර Min Soo ව හිරේ ඇතුලටම දානවා.

බලමුකො මේකට ඔහෙට හොද පාඩමක් ඉගෙන්නුවෙ නැත්නම් මම Choi Min Hwa නෙවෙයි.
ඇයි Min Soo තාත්තට ඒ තරම් අකමති?
තාත්ත එයාට ගොඩක් ආදරෙයිනෙ.
මට කවදා වත් තාත්තෙක් ඉදල නැති නිසා තාත්තගෙ අගේ හොදට දැනෙනවා. Min Soo වගේ කුකුල් කේන්ති කාරයෙක් නෙවෙයි තාත්තා. sweet personality එකක්.

මම කලුවරේ ඉදගෙන ඉන්න ගමන් ප්රශ්න පත්තරයක් හැදුවා.

තාත්තාගේ සහ Min Soo ගෙ වෙනස් කම් මොනවාද?
තාත්තද හොද Min Soo ද? හේතු සහිතව පැහැදිලි කරන්න. (හැබැයි මොන හේතුව තිබ්බත් තාත්ත තමයි හොද. අර මනුස්සය ගැන මතක් කරනකොටත් ......... අයියෝ මගෙ ඇගේ ලේ කෝප වෙනවා😠😠😠)

අන්තිම ප්රශ්නය.

Min Soo ට මතක හිටින පාඩමක් උගන්වන්නේ කෙසේද?😑😑😑

අන්න ඒක තමයි මෙතන වැදගත්ම ප්රශ්නය. එයාට මම කරපු දේ වැරදියි කියල විතරයි පෙනෙන්නෙ. එහෙම කලේ නැත්නම් එයාව එතනට එක්ක යන්නෙ කොහොමද?

තවත් ප්රශ්නයක්.

තාත්තවයි Min Soo වයි යාලු කරන්න ක්රමයක් තියනවද?
ඒත් ඊට කලින් මම යාලු වෙලා ඉන්න එපැයි.😕😕😕

මුලින් පාඩමක් උගන්නලා ඉමුකො. හොදටම වහිනව නේද? මම එලියෙ තෙමිල ලෙඩක් හදා ගත්තොත් එයාට ගොඩාක් රිදෙයි.

Just another springWhere stories live. Discover now