03

1.9K 372 125
                                    

Jimin pov ...

ඉව අල්ලන් යද්දි මන් දැක්කේ ........

හිම වගේ සුදුම සුදු කෙනෙක් එයාත් මන් දිහා බලන් හිටියා එයාගේ ඇස් දෙක කහ පාටින් දිලිසුනා මේට් මගේ කටින් එහෙම වචනයක් කොහෙන් ආවද මන්දා මගේ ඔමේගා නම් පිස්සු හැදිලා ඉන්නේ එයා ගාවින් එන සුවදට

Yoongi ( suga ) pov ...

මේ ජන්කුක්ටත් වෙන වැඩක්ම නෑනේ නිදාගෙන හිටපු මාව ඇල්ෆා නම්ජුන් ගාවට යැව්වානේ දැන් මෙතන සිල්වර් මුන් පැක් එකේ කට්ටිය එනකම් ඉන්න ඕනා නේ
හොබී ගේ පැක් එකේ කට්ටිය පොල් ගානව ද මන්දා මෙච්චර පරක්කු හොබීට බැන බැන් ඉද්දි මට අමුතු සුවදක් ආවා හරියට මාව වශි කරනවා වගේ මං සුවද ආපු පැත්තට හැරුනා
.
.
.
.
.
.
.
.
.
.
අහසින් බැස්ස සුර දූතයෙක් වගෙ කෙනෙක් මන් දිහා බලන් හිටියා එයා දිහා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නෙ නෑ එයාත් මන් දිහා වශි වෙලා බලන් හිටියා

එයා ගාවට ටික ටික මන් ලන් වුනා එයාගේ මුන දිහා බලන් එයාගේ තොල් වලට නැමුනා එයාත් මට අවසර දෙන්න වගෙ ඇස් දෙක වැහුවා එයාගේ තොල් සිප ගන්න මන් යද්දිම
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආශ් හොබි මට දුන්න පිට මැද පාරට මගේ ලස්සන මොහත එහෙම් පිටින්ම විනාශ වුනා
මූ මොනො වේලාවෙ ඉපදුනු එකෙක් ද මන්දා

" හොබියා ඇයි යකු ගැහුවේ රිදෙනවා "

හොබී මන් දිහා ටික වෙලාවක් පිටසක්වෙලෙක් දිහා බලනවා වගේ බලන් හිටියා මූට පිස්සු එච්චරයි මට කියන්න තියෙන්නේ පව් දොයාන්

" සුගා මේ ජිමින් අපේ පැක් එකේ ඔමේගා කෙනෙක් උබ මේ එ කොල්ලව කිස් කරන්න ගිය හින්දා මන් ගැහුවේ "

මගේ මේට් ගේ නම ජිමින් එයා වගේම එයාගේ නමත් ලස්සනයි මං ඔයාට කියන්නේ චිමි කියලා

" සුගා......."
" ආ....මේ......හොබී....මේකයි.. "

Jimin pov ...

හොබී හ්යෝන්ග්නුයි මගේ මේට්ටුයි කතා කරනකම් මන් බිම බලාගෙනම හිටියා කොහොමද මන් ඔලුව උස්සන්නේ අනේ .... මට බෑ වලක් හාරන් වැලෙලෙන්න තිබ්බානම් මෙතන හිටපු කට්ටියම අපි දිහා නේ බලන් ඉදලා තියෙන්නේ මට ඒ දෙන්නා මොනාද කතා කරන්නේ කියලාවත් ඇහුනේ නෑ එච්චරටම මං වලක් හාරන්න ප්ලෑන් එකක් ගහන් හිටියා

My Alpha  Where stories live. Discover now