No💜

1.2K 277 73
                                    

KOOKIEEE..........

ඒ කටහඩ ඇසුන සැනින් Jk ව සීතල වෙලා ගියේ හදවත වේගයෙන් ගැහෙන්න ගනද්දියි. එයාට එතනින් එහාට යාගන්න පණ නෑ. එකතැන ගල්වෙලා වගේ හැගීමක් එයාට ඒ වෙලාවෙ ඇති වුනේ.
ඒත් එක්කම ආපහු වතාවක් ඒ හඩ මුළු පාළු මාවත පුරාම දෝංකාර දුන්නම Jk ආපහු පියවි සිහියට ආවා.

T-Tae!

තවත් කාලය නාස්ති නොකර Jk එයාගෙ Gun එක load කරගත්තෙ Tae ට මොකෙක් හරි අතක් තියලා අහුවුනොත් ඒකව කෑලි කෑලි කරන අදහසිනුයි.

Hobi ත් එයාගෙ Gun එක අරගෙන Jk පිටිපස්සෙන් ම හඩ ඇහුන දිහාවට අඩිය තියන්න ගත්තා.

මග දුරක් යනකොට ඈත Truck එකකට මුවා වුන ලොකු සුදු පාට Van එකක් Jk ගෙ ඇහැ ගැටුන නිසා එයා හෙමීට Truck එක ලගට යන්න ගත්තෙ Hobi ට Truck එකට එහා පැත්තෙන් යන්න කියලා අතින් සංඥා කරමිනුයි.

Jk Truck එක පහු කරගෙන අඩි කීපයක් ඉස්සරහට තියද්දි දැක්කා එතන Van එක ළග හිටපු තනි කළු ඇදුමින් සැරසිලා මුහුණ ආවරණය කරගත්තු මිනිස්සු කීපදෙනෙක් Tae ව Van එක ඇතුලට බලෙන්ම ඇතුලු කරන්න උත්සාහ කරනවා.

ඒ වෙලාවෙ Tae ට පැනගන්න උත්සාහ කිසිම ශක්තියක් තිබුණෙ නෑ. ඒ අත්වලට දාලා තිබ්බ යකඩ මාංචු නිසා හැමතැනම තුවාල පැල්ලම් ඇති වෙලා. හැඩි දැඩි මිනිස්සු අතරට හිරවෙලාම මූනෙ තිබ්බෙ හෙම්බත් වෙච්ච ස්වාභාවයක්.

මේවයින් ඉවසීමේ සීමාව උපරිමේට ආපු Jk තමන්ගෙ අතේ තිබ්බ Gun එක අරගෙන Tae ව Van එක ඇතුලට තල්ලු කරන්න හදන මිනිහගෙ උරහිසට ඉලක්ක කරලා වෙඩි තියනන් හැදුවත් ඒ ඉලක්කය මදක් හරි එහාට මෙහාට වුනොත් Tae ගෙ ජීවිතයෙත් අනතුරේ වැටෙන නිසා Jk ඒ අදහස අතෑරලා ඒ මිනිස්සු ඉස්සරහට ගියා.
.

.

.

.

.

එයාව අතැරපන් දැන්ම

Jk එයාගෙ Gun එක ඒ මනුස්සයාගෙ පැත්තට දික් කරගෙන ම  ඉස්සරහට එන ගමන් කිව්වා.

ඒත් එක්කම Tae දැක්කා වියරුවෙන් වගේ තමන්ව බේරගන්න ආපු Jk ව. ඒ නිසාමද මන්දා Tae ගෙ කටින් සිහින් ඉකියක් පිට වුනේ වේදනාවකුත් සතුටකුත් මුසු වුන වේදනාබර හිනාවක් ඒ අහිංසක මූනෙ ඇදෙද්දියි.

Jeon's Hybrid [Taekook]✔️Where stories live. Discover now