Jk Sehun ආපු වාහනේ ඇත නොපෙනෙන කන්ම ඉදලා Tae ව හොයාගෙන උඩ Room එකට ගියා.
..
.
ඒ යද්දි Tae තද නින්දකට වැටිලයි හිටියෙ.
Jk හෙමීට සද්දයක් ඇති නොවෙන්න Tae ලගට ගිහින් ඇද ලගින් බිම දනගහගත්තා.
..
.
ඔයා මට මොකක් ද මේ කලේ
ඇයි මට හැමතිස්සෙම ඔයා ගැනම හිතෙන්නේ.
කොච්චර අමාරුවෙන් ද මම V ගෙ
මතකයන් වලින් අයින් වුනේ.
ඒත් ඔයාව දකිද්දී ඒ පරණ හැම මතකයක් ම එකින් එක ආපහු මට මතක් වෙනවා.
ඇයි මෙහෙම වෙන්නේ
ඔයා කවුදJk Tae ගෙ පියවිලා තියෙන ඇස් දිහා බලාගෙන තමන්ටම මුමුණගත්තෙ එයාගෙ හිතේ ඇති වෙන මේ අමුතු හැගීම් ගැන තේරුම් ගන්න උත්සාහ ගනිමිනුයි.
Jk කිසිම හැගීමක් නැතුව ලොකු කල්පනාවක නිමග්න වෙලා ඉද්දී එකපාරට දැනුන සුපුරුදු ස්පර්ශයෙන් ඒ
අවධානය බිදිලා ගියා.ඊටපස්සේ Jk එයාගෙ මූන Tae ගෙ ඇස්වලින් අයින් කරලා එයාගෙ අත දිහා බලද්දි ,
Tae ගෙ හීනි දිගැටි වලිගෙ නින්දෙන්ම Jk ගෙ ශක්තිමත් අත වටා එතිලා තිබුනා. ඒක දකින Jk ගෙ මූනෙ ඒයාටත් නොදැනිම ලාවට හිනාවක් ඇදුනේ හිතේ කොනකින් එයත් මේ දේට එකගයි කියන්න වගෙයි.
..
.
ඒත් එක්කම Jk Tae ගෙ රෝසමල් පෙත්තක් වගේ සිනිදු තොල් දෙක දිහාවට
නැමුනෙ ඒ තොල් දෙක මතින් උණුසුම් හාදුවක් තියන්න කියලා එයාගෙ යටි හිත බල කරපු නිසයි.නමුත් Jk ඒ තොල් දෙක සිපගන්න ඔන්න මෙන්න තියෙද්දී Tae ගෙ තොල් අතරින් එයාට ගොඩක් හුරුපුරුදු වචනයක් පිට වුන නිසා Jk ව එතනම ගල් ගැහුනා.
Ko-kookie
Jk ඇස් දෙකත් ලොකු කරන් Tae දිහා බලාගෙන හිටියෙ ඒ වචනෙ ආපහු පාරක් පැහැදිලි ව අහන්න වුවමනා වෙලා වගෙයි.
Ko-kookie.....
..
.
දෙවෙනි පාරටත් ඒ වචනෙ පැහැදිලි වම jk ගෙ කන් දෙකට ඇහෙවනත් එක්කම එයාව එහෙම්මම බිම ඉන්දුනා.
..
.
V.....
Jk ගෙ හිත ඇතුලෙ එයාගෙ V Kookie කිය කිය එයාව හොයන්න ගන්නවා වගේ දැනෙනවා ගත්තා.ඒත් එක්කම එයාගෙ අත ඉබේම තමන්ගෙ පපුවට ගෙනිච්චෙ හදවත තුලින් දැනුන වේදනාව නවත්තන්න උත්සාහ ගනිමිනුයි.
ESTÁS LEYENDO
Jeon's Hybrid [Taekook]✔️
Fanfic🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi