Jk ගිය ගමන් Hyung ලා අහන ප්‍රශ්න වලට වග උත්තර බදින්න බලාගෙනම Tae වත් අරගෙන ම ඉක්මනට Car එකෙන් ගෙදර යන්න පිටත් වුණා.
ඒ අතරේ Tae ට තදින් නින්ද ගිහිනුයි තිබුනේ. ඒත් එකපාරටම,
එ-එ-එපා
අ-අනේ එපා
M-m-masterඒ කෑ ගැසීමත් එක්කම Jk ගෙ ඇස් ඉබේම නින්දෙන් ඇහැරිලා බය වෙලා වගේ බලං ඉන්න Tae දිහාවට හැරුණා.
ඒ ඇස්වල තිබ්බ කදුළු දැක්කම Jk ගෙ හදවත රිදෙන්න ගත්තා. ඒත් ඒ ඇයි කියන්න එයාට තේරුනේ නෑ.
..
.
අඩන එක නවත්තන්න.
Jk ඉස්සරහ බලං Drive කරන ගමන්ම Tae ට කිව්වා. ඒත් ඒකෙන් වුනේ Tae ගෙ ඉකිය වැඩි වුන එක විතරයි.
T-Tae Tae ට ගොඩක් නරක විදියට එයා සැලකුවේ. හරියට අද Tae Tae ට කරදර කරන්න හදපු නපුරු මනුස්සයා වගේ.
Tae ගෙ කලින් වේලුනු කදුළු ආපුහු අලුත් කරමින් එයාගෙ කම්මුල දිගේ ගලාගෙන ගියා. එයාට දැන් ඕන කාගෙ හරි උණුහුමක් අස්සෙ ගුලි වෙලා අඩලා අඩලා එයාගෙ දුක පිට කරන්නයි.ඒත් එයාට මේ වෙලාවේ ඒ දේ කරන්න කෙනෙක් නෑ.
එයාගෙ අලුත් master එයාව පොඩ්ඩක් වත් සනසන්නේ නෑ කියලා Tae ට තේරුනා.ඒක නිසා එයා හොද හුස්මක් හෙලලා ආපහු එහා පැත්තෙන් එයාව පහු කරගෙන යනවා වගේ පේන ලොකූ ගොඩනැගිලි දිහා බලං ඉන්න ගත්තා.
..
.
Tae ඒ කියපු දේවල් වලින් Tae ගෙ කලින් master Tae ට සලකපු හැටි හොදින්ම තේරුම් ගන්න Jk ට පුළුවන් වුනා.ඒත් එක්කම එයාට මහ වරදකාරී හැගීමක් දැනෙන්න ගත්තෙ එයත් ඒ master අතරත් කිසිම වෙනසක් නෑ නේද කියලා තේරුම් ගිය නිසයි.
..
.
විනාඩි ගානක් ගියත් තාම Tae ගෙ ඇඩිල්ලෙ ඉවරයක් නෑ.බැරි ම තැන Jk Car එකේ වේගෙ ටිකක් අඩු කරලා Tae ගෙ පැත්තට හැරුනා.
ඇති ඕක නවත්තන්නවා.
මාව කේන්ති ගස්සවන්නෙ නැතුව.Jk එහෙම කියලා ආපහු කලින් වේගයෙන් ම පදවන්න ගත්තා.
අඩන එක නවත්තන්න Tae Tae . Master දඩුවම් කරයි. Kookie හිටියත් Tae Tae අඩනවට කැමති වෙන්නෑ.
ESTÁS LEYENDO
Jeon's Hybrid [Taekook]✔️
Fanfic🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi