මේ දොර අරිනවා.......
යන්න දෙනවා මට......
මට මගේ Tae ට බලන්න යන්න ඕනෙ.....
අරිනවා මේ දොර......Jk තමන්ගෙ කකුල් වලින් දොරට හයියෙන් ගගහ කිවවේ කෝමහරි එතනින් පැනගෙන Tae ව හොයාගන්න ඕන නිසයි.
ඒ වෙද්දි එයාගෙ කලින් දාපු යකඩ මාංචු අයින් කරලා ලණු වලින් දෙඅත් බැදලයි තිබුනේ. ඒක නිසා යම් තරමක පහසුවක් Jk ට දැනෙන්න ගත්තත් එයා දොර කඩන්න ගත්ත උත්සාහය නම් පොඩ්ඩක්වත් නතර කලේ නෑ.
SHIT......
මං කොහොමහරි යන්න ඕන.
මගෙ මැණිකව හොයාගන්න ඕන.
එයා හොදට ම බය වෙලා ඇත්තේ.
ආයිෂ්......
මේ මඟුල් දොර ඇහෙන්නෙත් නෑ.....Jk කොච්චර උත්සාහ කලත් ඒ දොර ඇරෙන්න තියා හිතුවෙවත් නෑ. ඒත් එක්කම බිත්තිය පැත්තට වෙන්න තිබ්බ ලොකු කණ්ණාඩියක් Jk ගෙ ඇහැ ගැටෙනවා.
ඔය තියෙන්නෙ බඩු.....
කට කොනින් නැගූනූ හිනාවක් එක්ක අමාරුවෙන් එතනට ගාටපු Jk ඒ කන්නාඩියට තමන්ගෙ උරහිසෙන් උපරිම වෙර දාලා ගැහුවා. එකපාරින්ම ඒක පොඩ්ඩක්වත් බිදුනෙ නැතත් දෙතුන් පාරක් දරපු උත්සාහය නිසා ඒ කණ්ණාඩියෙ කොනක් කුඩු වෙලා ලොකු වීදුරු කෑලි කිහිපයක් බිමට වැටුණා.
Jk හෙමීට එතන බිමින් ඉදගෙන එතනින් ලොකු වීදුරු කෑල්ලක් අරගෙන තමන්ගෙ ලණුව කපන්න ගත්තා. ගොඩක් තදට ගැටගහලා තිබ්බ නිසා ඒ වැඩේ ටිකක් අපහසු වුනත් නොනවත්වා කපාගෙන යද්දි අත් වලට ගැට ගහලා තිබ්බ ලණු එකින් එකින් බුරුල් වෙන්න ගත්තා.
අන්තිමට ලණු ටික බිම වැටුනෙ Jk ගෙ හිතේ පොඩි ජයග්‍රහණයක් ලැබුවා වැනි සතුටක් ඇති වෙද්දි යි. ඉක්මනින්ම ඒ ලණු ටික කුටියෙ මුල්ලට විසි කරපු Jk එයා අතේ තිබ්බ වීදුරු කෑල්ලක් අරගෙන දොර පැත්තට අඩිය තිබ්බා.
එයා ඒ ඝනකම් වීදුරු කෑල්ලෙන් ඒ දොර බෝලෙ කඩන්නයි උත්සාහ කලේ ඒත් Jk ගෙ හිතට කේනිතියක් එක් කරමින් ඒ උත්සාහය ව්‍යර්ථක වෙලා ගියා.
මේ දොර කොහොමද අරින්නේ...
ආපහු වතාවක් Try කරලා බලනවා....ඒ විදිහට තමන්ටම මුමුණගත්ත Jk ආපහු ඒ දොර බෝලෙ කඩන්න හැදුවත් දොර පැත්තෙන් ඇහුන අඩි සද්දය නිසා එයා ටිකකට ඒ කාර්ය නවත්තලා කෝකටත් කියලා දොර පිටිපස්සෙන් හැංගුනා.
.
ESTÁS LEYENDO
Jeon's Hybrid [Taekook]✔️
Fanfic🛑 This is not my own creation. 🛑 Adapted from the original book of jeon's hybrid english (part 1). 🛑 So the credit are going to rightful owner of this book, @yoongiAndHisMochi