Blue Flowers💜

1.5K 338 91
                                    

Ashhhh...
ඔයා මට විහිළු කරනවද namjoon.

Jin namjoon ට කෑ ගගහ living Room එකට ආවා.

අයියෝ ඕකට ඔච්චර කේන්තිගන්න එපා පැටියෝ.

පිස්සු නටන්න එපා.
ඔයාට මං කිව්වේ මං select කරපූ Shirts ටික විතරක් ගේන්න කියලයි.
නැතුව මුළු Shop එකම ගේන්න කිව්වේ නෑ.

හරි jinnie.
මං ඒ ටික ආපහු ගිහින් තියන්නම්.

විකාරද
ඒ මිනිහා බලයි අපිට පිස්සු ද කියලා.

මේ විදියට දෙන්නා රණ්ඩු වෙදිද ඒ සද්දෙට බිමට වෙලා තමන්ගේ පාඩුවේ චිත්‍ර ඈද ඇද හිටපු Tae වත් ගැස්සිලා ගියා.

Jimin ත් Tae ලඟ හිටපු නිසා මේ දෙන්නගෙ රණ්ඩුව හොදට ඇහූනා.
රණ්ඩුව තව ටිකක් දිගට ඇදෙන්න ගත්තු නිසා jimin මේකට මැදිහත් වෙන්න තීරණය කළා.

Hyung ඔය ඇති අනේ නවත්තනකෝ
මේ බලන්නකෝ මේ පොඩි එකත් බය වෙලා.

එතකොට තමයි Jin දැක්කේ බිම වාඩිවෙලා තමන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බයෙන් වගේ බලං ඉන්න පුංචි hybrid ව .

අනේ Sorry Tae
මං ඔයාව බය කරන්න හිතුවෙ නෑ.

Jin Tae ව හෙමීට වැලඳගන්න ගමන් කිව්වෙ තවත් ඒ පොඩි එකාව බය කරන්න ඕන්නැති නිසයි.

ඒත් එක්කම

සලාාාාාාන්......

මුළු living Room එකම දෙවනත් කරන හඩකින් Jin ගෙ වීදුරු මල් වාස් එක කෑලි කෑලි වුනා.

මොකද වුනේ කියාල බලන්න Jin පිටිපස්ස හැරෙද්දි දැක්කේ කැඩිච්ච වාස් එක දිහා ගල් ගැහිලා වගේ බලං ඉන්න namjoon වයි.

ඊලඟට වෙන්න යන දේ ගැන අවබෝධ වුන Jimin ඉක්මනට Tae වත් අරගෙන එතනින් දුවලා ගියා.
.

.

.

ම-මං හිතලා කරේ නෑ.
ඇත්තමයි.

Namjoon කොච්චර තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න හැදුවත් Jin නෙවෙයි ඒවා කනකටවත් ගත්තේ.

.

.

හපොයි මේ පාරනම් තමුන ඉවරයි වගේ namjoon.

Namjoon තමන්ටම මමුණගද්දි දැක්කා Jin එතන තිබ්බ කොස්ස අතට ගන්නවා. ඒ සැනින් තව මොහොතක් වත් රැදෙන්නෙ නැතුව namjoon පැනලා දිව්වා.

Jeon's Hybrid [Taekook]✔️Onde histórias criam vida. Descubra agora