6 Chapter ❤️

1.4K 367 26
                                    


Flashback

🐺 1: " අපි හිතුවා හරි... එතන පරීක්ෂණ කරන්නේ වෙනම දෙයක්... ඒ වගේම ඒ කෙනා බූසාන් සෙන්ට්‍රල් හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්..."

🐺 Luna : "නම??"

🐺 1: "DR.Jung.... "

🐺   Luna : " අර ළමයා දැන් මෙහෙට ඇවිත් දවස් 10ක් වෙනවා.. ඒ කියන්නේ ඒ ළමයගෙන් තමා මිනිහා එස්ක්පෙරිමන්ට්  එක කරන්නේ... ඒත් මොන එහෙකටද එහෙම දෙයක් කරන්නේ... "

🐺 2 : අපි මොනවද කරන්න ඕනේ ? ... Alpha  දැනටමත් පැක් එක රෙඩි කරන් ඉන්නේ...

🐺Luna : මං Alphaට කියන්නම්.. ඒ ළමයව එතනින් එළියට ගන්නකම් මුකුත් කරන්න එපා...

Time Pass...

🐺 1 : " Alpha  අර ළමයා එතනින් පැනලා ගියා....  "

🐺 Alpha  : " මෝව්?... එහෙම කොහොමද වෙන්නේ?.. "

🐺 1 : " අපි උදේ ඉදන්ම එතන රැකගෙන හිටියේ... එක පාරට ඒ ළමයා හිර කරන් හිටිය කාමරේ දොර කඩන් ඒ ළමයා දිව්වා.. හරියටම කිව්වොත් ඒ දොර ගැලවිලා මීටර් 2 3ක් එහාට විසි වුනා... "

🐺 Alpha  : "  මෝව්ව්ව්ව්???? පොඩි ළමයෙක් කොහොමද එහෙම දෙයක් කරන්නේ.. මෙතන අපි නොදන්න ලොකු දෙයක් තියෙනවා... දැන්ම ඒ ළමයව හොයන්න..... ඉක්මනට.. මං Luna ව එක්කන් එන්නම්... "

Time Pass.....

🐺 2 : " Alpha ... ළමයා ඉන්නවා....
.
.
.
.
Lunaa.. එයා...... එයා... Vampire  කෙනෙක්... 😠

🐺 Luna : " අයින් වෙන්න.... මං එයා ගැන බලන්නම්... "

( එයාලා මෙව් ටික කතා කරන්නේ එයාලගේ භාශාවෙන්.. මොකද මේ වෙනකොට එයාලා Wolf ලා වෙලා ඉන්නේ.... )

Luna ගේ  ඇස් වලින්  බැලුවේ පුංචි ජිමින්ගේ ඇස් දිහා.. ඒ ඇස් වල තිබුනේ බයක්.. luna ඇස් වලින්ම ජිමින්ට කතා කලේ එයාලගෙන් එයාට කරදරයක් නැහැ කියලයි.. ඒ එක්කම පුංචි ජිමින් සිහිය නැතුව වැටුනා..

Luna ගේ ඉල්ලීමට Alpha ජිමින්ව පැක් එකේ අය ඉන්න තැනට අරගෙන ආවේ කැලේ ඇතුලේ ඉන්න සතුන්ට මේ පුංචි දරුවගෙන් කරදරයක් වෙයි කියලා බය වුන නිසයි.. ජිමින්ව කාමරේකින් තියලා Alpha ගියේ පැක් එකේ අයට කතා කරන්න...

🐺 Alpha : " මේ දේ වෙන්න බැරි වුනත් කොහොම හරි වෙලා තියෙනවා.. පිසාචයෝ මෙහෙන් වද වෙලා ගිහින් දැනට ශතවර්ෂ ගානක් වෙනවා.. ඒ කියන්නේ මේක අර ඩොක්ටර්  ගේ වැඩක්... මේ ළමයා මේ විදිහට ඉන්නවා කියන්නේ ඒ මිනිහගේ වැඩේ සාර්ථකයි කියන එක.... "

SWEET BLOOD ❤️ (Completed )Where stories live. Discover now