Postscript ❤

1.6K 334 195
                                    


" යුන් හී...මැනික මේක කන්න... චේබාල්.. ඔයා දරුවා ගැනවත් හිතන්න... "

" මට කන්න බෑ... මට මගේ ජිමින්ව ගෙනත් දෙන්න ටේ... ඔ...ඔයාට... ඒ කන්දට යන්න පුලුවන්නේ... අනේ ගිහින් බලන්න.. "

" යුන් හීයා... මේ අහන්න පන.. දැන් මාස 6ක් ගියා... මං මට පුලුවන් හැම උත්සහයක්ම ගත්තනේ මගෙ පන.. ඇයි කියන දේ අහන් නැත්තේ...?.. ඩොක්ටර් කීවා නේද ඔයා හොදටම වීක් කියලා.. ඔය දරුවව ඔයාට එපාද? "

යුන් හී ටේ දිහා බලන් වචනයක්වත් නොකියා කදුලු අලුත් කල එක විතරයි කලේ..

Tae Pov .

ඔව්. ජිමින් අපිව දාලා ගිහින් දැනට මාස හයක්.... මේ කාලේට මං හරියට කලේ හුස්ම ගන්න එක විතරයි කීවොත් හරි... ජිමින් ඒ වගේ මෝඩ තිරනයක් ගනී කියලා මං ජීවිතේට හිතුවේ නැහෑ.. ඔව් මං දන්නවා එයා ජීවත් වුන හැම තත්පරයක්ම ගත කලේ වේදනාවෙන්.. වෙන කාටත් වඩා මං ඒක දැනන් හිටියා..  ඒත් අපි එකට හිටිය අවුරුදු ගානටත් වඩා යුන් හී එක්ක ජිමින් ගෙව්ව කලේ එයා ගත කලේ සැහැල්ලුවෙන්.. එයාට යුන් හී ගැනවත් හිතන්න තිබ්බා..යුන් හී කියන්නේ හරි පුදුම කෙල්ලෙක්.. වේදනාවෙන් පසුතැවීමෙන් ගෙවුව ඒ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලා.. මට ඇත්තටම ජිමින් ගැන අනුකම්පාවක් දැනෙනවා.. එයාට මේ ආදරේ ලග නවතින්න බැරි උනාට... ඒත් ඒ හැමදේම දැන් මතකයක් විතරක් වෙලා... මේ කාලෙට යුන් හී කලේ හූල්ලපු එක විතරයි.. එයාව සතුටෙන් තියන්න මං නොකල දෙයක් නෑ... ඒත් ඒ මූනට හිනාවක් ගේන්න මට බැරි වුනා... හැම වෙලේම කියව කියව හිනා වෙවී දග කරන කෙල්ල අද බලාගත්තු අත බලන් ඉන්නවා.... මං යුන් හී ව මැරි කලේ නෑ... ඒත් යුන් හී ජීවත් වුනේ මාත් එක්ක.. එයාව බලා ගත්තේ මං... ඒ වගේම යුන් හී ගේ කුසේ ඉන්න දරුවවත්... යුන් හී නොකා නොබී ඉන්න හැම වෙලේම බලෙන් හරි කෑවේ බීවේ මං නිසා.. මං අකමැතිම දේ යුන් හී ට සැර කරන එක.. ඒකත් මට කරන්න වුනා.... ඒ වෙලාවට කෙල්ල කලේ තව හයියෙන් අඩපු එක.... යුන් හී ගොඩක් දුර්වලයි... එයාගේ කුසේ වැඩෙන්නේ සාමාන්‍ය ළමයෙක් නෙවේ.. ඒ නිසා එයාට පෝශනය ගොඩක් ඕනේ වුනා.. මං පුලුවන් හැමදේම එයා වෙනුවෙන් කරනවා... මගෙ යාලුවා වෙනුවෙන්... මගෙ ආදරේ වෙනුවෙන්...

SWEET BLOOD ❤️ (Completed )Onde histórias criam vida. Descubra agora