ජිමින් Main Door එකෙන් ඇතුලට එද්දිම දැක්කේ යුන් හීට එයාගේ ලොක්කා බැන බැන ඉන්නවා... ආයෙත් යුන් හීව දැක්ක එකට ජිමින්ට සතුටු හිතුනත් යුන් හි ජිමින්ව දාලා ගිය එකට ජිමින් හිටියේ යුන් හී එක්ක තරහෙන්...ටික වෙලාවක් ඒ ඇස් වල අතමං වුන ජිමින් අහක බලලා යුන් හී ව ගනන් නොගෙනම ගියේ ලිෆ්ට් එක ගාවට..
කොච්චර හිත හයිය කරන් ඉදියත් ඒ මූන දකිද්දී යුන් හී ට තමන්ව පාලනේ කර ගන්න බැරි වුනා... කොච්චර බැන්නත් ඒ නපුරු හිතට යුන් හී නොදැනීම හුගක් ආදරේ කලා.. ඒ නිසාම ජිමින් ලිෆ්ට් එකෙන් යන්න කලින් යුන් හී දුවලා ගියේ ජිමින් එක්ක කතා කරනවා කියලා හිතන්... ඒත් ඒ එක්කම....
"Good Morning Sir.. "
යුන් හී ව පහු කරන් ගිය කෙල්ලෙක් ජිමින්ගේ ඇගේ ගෑවී නොගෑවී නැවතිලා ඇබරි ඇබරි කතා කලා..කවදාවත් කෙල්ලෙක්ව ගනන් නොගන්න ජිමින් ඒ කෙල්ල එක්ක කතා කරේ හරි ලස්සන හිනාවකුත් එක්කයි....
"Good Morning සෙමී... දැන්ද ආවේ?.. "
" නේ සර්...සෝරී... පොඩ්ඩක් මට නින්ද ගියා... "
ඒ කෙල්ල කතා කලේ අමුතු ලැජ්ජාවක් අරන් මූනට වැටිලා තිබ්බ කොන්ඩේ අතින් කන පිටිපස්සට කරන ගමන්.....සෙමී කියන්නේ ජිමින්ගේ අලුත් සෙකට්‍රී .. යුන් හී අයින් වෙලා ගිය නිසා ජිමින්ට ඒ වැඩ වලට අලුත් කෙනෙක් ගන්නම වුනා..
මෙච්චර වෙලා එතනට වෙලා මේ හැමදේම යුන් හී බලන් ඉන්නවා ජිමින් දැක්කා..ජිමින් තවත් ඒ කෙල්ලට ලං වෙලා ලිෆ්ට් එකට නගින්න කීවේ යුන් හී දිහා බලලා පල් හිනාවක් දාන ගමන්...
"ජරා මිනිහා 😒😒 "
යුන් හී හිතෙන් ජිමින්ට බනින ගමන් හිතේ තිබ්බ දුක හිර කරන් ආයෙත් වැඩ කරන්න ගියා...
Time Passed ...
One Week Later ...සතියක් ගෙවිලා ගියත් ඒ සතිය යුන් හී ටනම් එච්චර හොද වුනේ නෑ... යුන් හී ව දකින වාරයක් ගානේ ජිමින් කලේ සෙමී එක්ක බොරු වට ලං වෙලා හිටිය එක.. සෙමී හීල් එකෙන් වැටෙන් ගීය වෙලාවල් වල පවා ජිමින් සෙමීව අල්ලන් එයාට උදව් කලා... ඒත් මේ හැමදේම ජිමින් කලේ යුන් හී ව රිද්දන්න කියලා හිතන්.. මේ මුකුත් නොදන්න යුන් හි කලේ ඇස් වලින් පුපුර පුපුර ජිමින් එක්ක තරහෙන් හිටිය එක...
YOU ARE READING
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...