4 Chapter ❤️

1.5K 368 37
                                    

" කටවහා ගනින්... මට උබ එක්ක කතාවක් නෑ... "

ටේ කීවේ ජිමින්ට බැනලා  යුන් හී දිහා ගින්දර පිටවෙන ඇස් වලින් බලන ගමන්... 

"සර් අපි යමු සර්... මට මෙතන ඉන්න බැහෑ.."

යුන් හී කීවේ ජිමින්ගේ කෝර්ට් එකෙන් අදින ගමන් ටේ දිහා බලන්නෙවත් නැතුව..ජිමින් යුන් හී දිහා බැලුවම දැක්කේ ඒ ඇස් වල තිබුන බය වගේම කදුලු.. හේතුව නොදන්නවා වුනත් ජිමින්ගේ හිතට අමුත්තක් දැනෙන්න ගත්තා.. ඒ වගේම මේ දේවල් වලට කොහෙන් හරි ටේ වග කියන්න ඕනේ කියන එක ජිමින්ට තේරුනා..යුන් හී දිහා බලන් හිටිය ජිමින්, ටේ මෙච්චර වෙලා අල්ලන් හිටිය යුන් හී ගේ අත ගලවලා අයින් කරලා යුන් හීව එක්කන් එතනින් යන්න හැදුවේ ටේ ව ගනන් නොගෙන .......

" යුන් හී.... ඔහොම නවතිනවා... "

ටේ ආයෙමත් යුන් හී ගේ උරිස්සෙන් අල්ලලා නැවැත්තුවා.. ඒත් එක්කම මෙච්චර වෙලා ඉවසන් හිටිය ජිමින්ගේ ඉවසීමේ සීමාව පැන්නේ ටේ ගේ මේ හැසිරීම ජිමින්ට තවත් බලන් ඉන්න බැරි නිසයි... ටේ ගේ ශර්ට් එකෙන් අල්ලන් ජිමින් ගියේ කවුරුත් නොහිටිය ස්ටෝර් රූම් එකක් වගේ තැනකට... යුන් හී හිටිය තැනම ගල් වෙලා බලන් හිටියේ ජිමින් ටේ ව ඇදන් යන දිහා... යුන් හීට ජිම්න්ව නවත්තන්න ඕනේ වුනත් මුකුත් හිතා ගන්න බැරි වුන යුන් හී දුවලා ගියේ කාර් එක ගාවට...

"මට යන්න දීපාන්... "

"කොහේ යන්නද ... උබ.. "

ජිමින් ටේ ගේ බෙල්ලෙන් අල්ලලා ටේව බිත්තියට තද කරන් ඇහුවා...

"යහ්හ් කේශික්‍යා... උබ මේකෙන් අයින් වෙලා ඉදපන්..  නැත්නම් උබේ ඔය බෙල්ල කැඩෙන්නේ මගේ අතින්.. "

" හහ්හ් .. උබට එච්චර හයියක් තියේද දැන්.. හැබැයි ඉස්සර ඉදන් උබ නිකන්  බලු කුක්කෙක් විතරයි... 🤣"

ජිමින් කීවේ ටේ ගේ මුනට එබිලා හිනා වෙන ගමන්.. ඒ එක්කම ටේ ගේ මිටි මෙලවුන අත ගියේ ජිමින්ගේ මූන හරහා.. ඒ වැදුන පාරට ජිමින්ව විසි වෙලා ගිහින් බිමට වැටුනා.. ජිමින් තමන්ගේ තොල අගිල්ලකින් පිහිදාන් නැගිටින්න හදදී දැක්කේ ටේ ගහපූ පාරට තොල පැලිලා ආව ලේ... ඒ ක්ෂනිකව ජිමින්ගේ ඇස් වල පාට වෙනස් වෙන්න ගත්තා.... ජිමින්ගේ සුදු මැලි වෙලා තියෙන හමින්  අතේ,බෙල්ලේ,වගේම  මූනේ ලා කොල පාටට සහා නිලට හුරු නහරවල් ඉලිප්පිල්ලා පෙනෙන්න ගත්තේ තත්පර කිහිපයක් පමණයි.. ජිමින්ගේ පොලවට තද වෙලා තිබුන අත් වලින් නියපොතු  එලියට දික් වෙලා ඇවිත් බිම සීරුනා...හිමීට ඇරුන ජිමින්ගේ කටින් වේගයෙන් හුස්ම ගන්න ශබ්‍දයක් පිටවෙද්දි දෙපැත්තෙන් මදක් දික් වු දත් දෙක දිස් වුනේ ජිමින්ගේ කේන්තියෙන් වෙව්ලන තොල් අතරින්.... ජිමින්ගේ මේ වෙන්ස් වීම දිහා ටේ බලන් හිටියේ වියරු වැටුන හිනාවකින්..ඒ හිනාව හෙමිහිට වැඩි වෙද්දී ජිමින් හුලගක වේගයෙන් ඇදිලා ගියේ ටේ හිටිය තැනට...ඇහිපිය ගහන ඉක්මනින් ටේ ගේ බෙල්ල ජිමින්ගේ අතේ ඇගිලි වලට අහු වෙලා තද උනේ බිත්තියට.. ටේ ගේ බෙල්ලේ නහර පොඩි වෙද්දී කර කර ගාලා සද්දයක් ආවත් ඒක ටේ ට ගානක් වුනේ නෑ..... ටේ වියරුවෙන් වගේ හිනා වෙද්දි ජිමින්ගේ කේන්තිය තවත් වැඩි  වුනා....

SWEET BLOOD ❤️ (Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang