Final Chapter ❤️

1.7K 351 151
                                    


" යුන් හී.. ඔයා හොදින් නේද?... ඔයාට ප්‍රශ්නයක් නෑනේ?.... "

" අහ් නෑ.. ප්‍රශ්නයක් නෑ.. මට කම්මැලී වගේ ඒකයි... "

" යහ් යුන් හී.. මං කොච්චර බය වුනාද දන්නවද අහ්හ්?..."

" හරි හරි ඉතින්.. මේ කොහෙද ඉන්නේ...?දැන්ම එනවද?..  "

"ම්ම්ම් ඔව් මං මේ එන්න යන්නේ... "

"ම්ම් එනකම් කෝල් එකේම ඉන්න බෑද?..මට කම්මැලී.. "

" හේ.. පිස්සු කෙල්ල.. හරි හරි කියන්නකෝ.. මොකද අද කලේ.. "

" ම්ම් අද ....ආන්ව්ව්ජ්ජ්ශ්ඩ්ස්බ්ස්බ්ස්ජාඅස්ස්ජස්න්ස්න්...( බ්ලා බ්ලා බ්ලා......)

" ම්ම්ම් ඊට පස්සේ... 😌"

" ආජ්ශ්හ්සුන්ස්න්ජ්ස්ජ්ස්ජ්ස් ජ්ස්ජ්ශ්ස්බ් ( බ්ලා බ්ලා....බ්ලා....) "

" ම්ම්ම් තව මොනාද...🙂 "

ජිමින් හිනා වෙවී යුන් හී හුස්මක් නොගෙන කියවන එවා අහන් හිටියේ හරි ආදරෙන්... පිස්සු කෙල්ල.. ජිමින් තමන්ගේ හිතෙන් හිතන ගමන් කොහොම කොහොම හරි ගේ ගාවටම එද්දී ජිමින්ගේ ඔලුවේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතකයි.... යුන් හී ගේ කියවිල්ලට....

" මං ආවා.. ඔය කටර් එක පොඩ්ඩක් වහන් ඉන්න..මං එනකම්.. "

ජිමින් කාර් එකෙන් බහිද්දිම දැනුනේ ටේ ගේ ඉව... ජිමින් ටේ ට කෙල්ල ගැන ඇහැගහගෙන ඉන්න කීව නිසා ටේ දවසෙම කලේ ජිමින්ගේ ගේ ගාවට වෙලා සෝදිසියෙන් හිටිය එක.. කාර් එක පාර්ක් කරලා ජිමින් හිමින් සැරේ ආයෙත් පාර දිගේ පහලට ඇවිදන් ගියේ යුන් හී දකින්න කලින්...

" උබ දවසෙම ඇහැ ගහන් හිටියද...? "

" ඔව්... එහෙම විශේෂ කෙනෙක් මං දැක්කේ නැහෑ... මට ඉවක් ආවෙත් නෑ... හැබැයි පොඩි ප්‍රස්නයක් තියෙනවා.. "

" ඒ මොකද්ද?... "

" උබ දැන් ජීවිතේ අත ඇරලද ඉන්නේ?.. යුන් හී ව තනි කරන්නද ඕනේ?.. උබ ඇයි ඒ කෙල්ලට මෙහෙම දුක් දෙන්නේ?.. "

" මට තේරෙනවා.. උබ කියන දේ.. මටත් ඔනේ යුන් හී ගාව ඉන්න.. ඒත් මට මේ විදිහට ඉන්න බෑ.... මං කොහොමද මෙහෙම ඉදන් අනිත් මිනිස්සු වගේ ලස්සනට ජීවත් වෙන්නේ?.. "

SWEET BLOOD ❤️ (Completed )Where stories live. Discover now