Time Passed
Next Day Morning
එලාර්ම් එක තියලා යුන් හී නිදා ගත්තත් එලාර්ම් එකේ සද්දෙටවත් යුන් හී ඇහැරුනේ නෑ... ඇත්තම කීවොත් යුන් හී ගේ නිදියන පුරුද්ද සාමාන්‍ය මනුස්සයන්ට වඩා වෙනස් 😌😂 .... වැටුන තැන නිනද යනවා...ඒ නින්ද ගියාමත් එකෙක් උස්සන් ගියත් කෙල්ල දන් නෑ... කොහොම හරි කෙල්ල නැගිට්ටුනේ මූනට වැටිලා තිබුන ඉර එළිය නිසයි...
"ඔහ් ශිට්.... මගුලයි... දැන් ඉතින් අර මිනිහගෙන් උදේම අහ ගන්න එපැයි..."
යුන්හී නැගිට්ට ගමන් ඇස් දෙක පොඩි කර කර බැලුවේ ඔරලෝසුව දිහා.. 7.30 යි.... පැය බාගෙට ලෑස්ති වෙලා ඔෆිස් එකට යන්නත් ඕනේ... යුම් හීට තේරුනේ ඇග දිගේ කරන්ට් එකක් වැදෙනවා වගේ.. ඉබේටම ඇද උඩ හිට ගත්ත කෙල්ල උඩින් පැන පැන වොශ් රූම් එකට ගියේ වටේම බඩු පෙරලගෙන.....
"අහ්හ්.. දිගට අදින්න මං යන්නේ middle school එකටද.. ඉස්කෝලේ යද්දිවත් මං දිගට ඇන්දේ නෑ.... අහ්හ්.... මට දැන්ම මේක එපා වෙලා..."
යුන් හී කණ්නාඩිය ඉස්සරහට වෙලා කෑගන්න ගත්තේ දනිස්ස ගාවට විතර වෙන්න ස්කර්ට් එකක් අදින්න වුන එකට ජිමින්ට උදේම දෙහි කපන ගමන්...විනාඩියට දෙකට ලෑස්ති වුන යුන් හී බස් එකේ නොයා ටැක්සි එකක් අරන් ගියේ විනාඩියක් හරි පරක්කු වෙයි කියන බයට...යුන් හී ඔෆිස් එකට යද්දී හරියටම 7.58යි... සැනසුම් සුසුමක් පිට කල යුන් හී ඇදුමත් අතින් හදන් ජිමින්ගේ කැබින් ඒකේ door එකට knock කලේ කලින් දවසේ වගේ ආයේත් හතර විලි ලැජ්ජ නැති වැඩකට මූන දෙන්න වෙයි කියලා හිතුන නිසයි...
"Come in..."
ජිමින් ගේ කටහඩ ඇහෙද්දිම යුන් හීට දැනුනේ මරයා ලගට යනවා වගේ හැගීමක්... මොකද ජිමින්ගේ කටහඩේ තිබුනේ සංසුන් ගතියක් නෙවේ...
"සර්... මං...."
"තමුසේ දැන්ද එන්නේ?"
යුන් හී කතා කරලා ඉවර වෙන්නත් කලින් ජිමින් යුන් හීගේ ඇගට කඩන් පැන්නා..
" වෙහ්..... වෙහ්හ්හ් සර්.... මං 7.58 වෙද්දී ආවනේ.."
" Are you Kidding me?.. යහ්හ් තමුන් මගේ සෙකට්‍රී අයිසේ... මං එන්න කලින් තමුසේ ඔෆිස් එකට ඇවිත් ඉන්න ඕනේ.... "..
KAMU SEDANG MEMBACA
SWEET BLOOD ❤️ (Completed )
Fiksi Penggemarජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...