ටේ ට අතින් සන් කරලා දෙන්නා හීමීට ලං වෙලා බැලුවාම දැක්ක දෙයින් දෙන්නගෙම ඇස් ලොකු වෙලා බය වෙලා වගේ ඒ දිහා බලන් හිටියා..." යුන් ...හි..... ?"
ටේ එක පාරටම බැලුවේ ජිමින් ගේ මූන දිහා...
"යහ්.. උබ යුන් හී වත් එක්කන්ද ආවේ?.. "
"ආයිෂ් මේ කෙල්ල... 😖 මං මෙයාව මග ඇරියනේ කන්ද පටන් ගන්න තැනදිම.. කොහොමද හොයා ගත්තේ.. ".
" ම්වෝ?.. ඒ කියන්නේ උබ දැනන් හිටියද යුන් හී පස්සෙන් ආවා කියලා?.."
"ම්ම්ම්.. මට යුන් හී ගේ සුවද දැනුනා.. මං ඒ නිසා එයාගේ අවදානේ වෙන පැත්තකට යනකම් ඉදලා පැන ගත්තා... මට කියන්න බෑනේ එන්න එපා කියලා.. එහෙම කීවත් මෙයා කොහොමත් හොරෙන් එනවා... "
"අහ්හ්...ජිමින් තමුසෙනම් මහා මෝඩයෙක්.. අපි දැන් මොකද කරන්නේ?"
"මොනා කරන්නද?... මෙයාවත් එක්කන් යන්... "
"යහ්හ් මෙයා මෙතන වුන හැමදේම දැක්කනම් ?"
"ඉතින් මොකද.. කවදා හරි මෙයා මේ දේවල් දැන ගන්නවා... මොකද මං මෙයාට ආදරේ කරන නිසා ඒ දේවල් මෙයාට කියන්න වෙනවා... "
" 😖😖😖 වෙන වෙලාවක් වගේනම් මං උබට කෙලින් හිට ගන්න බැරි වෙන්න ගහනවා... ."
දෙන්නම ටික වෙලාවක් බලන් හිටියේ යුන් හී දිහා...
"මං යුන් හීව එක්ක යන්නම්.. "
ජිමින් යුන් හී ව ගන්න යද්දිම ටේ ජිමින් ගේ උරිස්සෙන් අල්ලලා නැවැත්තුවා...
" රාශෙල්ට මොකද කරන්නේ? "
ජිමින් ටික වෙලාවක් රාශෙල් වැටුන පැත්ත බලන් ඉදලා දිග හුස්මක් පිට කලා..
" අපි යුන් හීව තියලා රාශෙල්ව හොයන්න එමු... "
ජිමින් යුන් හී ව අත් වලට ගන්න ගමන් දෙන්නා එක්කම කතා කර කර කැලෙන් එලියට එන්න පටන් ගත්තා..
" එතකොට ගොඩක් රෑ වෙයි.. අනික පොලීසියට අහු වුනොත් අපිට ප්රශ්නයක් වෙයි.. "
"ම්ම්ම් එහෙනම් මේක මෙතනින් ඉවර කරමු.. රාශෙල් අතුරුදහන් කියලා අපි පොලීසියට කියමු... "
![](https://img.wattpad.com/cover/271143649-288-k393228.jpg)
YOU ARE READING
SWEET BLOOD ❤️ (Completed )
Fanfictionජීවිතයත් මරණයත් අතර දෝලනය වන මේ නිමක් නොමැති පව්කාර ජීවිතයේ කෙලවරක් දකින්න ලැබෙනකම් ලතවෙන මේ හිත..... නුඹ ගාව නැවතුනේ මටත් හොරා... නුඹ මට වෛර කරනවද?... මාව පිළිකුල් කරනවද?....ඒත් මේ ජීවිතේ මට උවමනාවට ලැබුන දෙයක් නෙවේ.. මං මේ ජිවිතේට වෛර කරනවා..මං...