Chapter 1

2.8K 290 29
                                    

"නම්ජූන් කුමරුන් සැපත් වෙන වගයි......"

මහරජුගෙ නිල මාලිගය අසල සිටි ප්‍රධාන පාලකතුමා රජුට කුමරුගෙ පැමිනීම ඉක්මනින් දන්වා සිටිය.

" ආහ්..පාලකතුමා..ඔච්චර හයියෙන් කෑගහන්න ඕනිද...

කෙලිලොල් නම්ජූන් කුමරු පාලකවරයාගෙ හිස පැලදි හිසාවරනයට අතින් තට්ටු කර රජුගෙ කුටියට ඇතුලු වුනෙ සිනාසෙමින්.

කුමරුගෙ දගකාර ක්‍රියා කලපයට සිනාසෙමින් පාලකවරයා සිය හිස පලදනාව සකස් කර ගත්තේය.

" නම්ජූන් කුමරුනි..කෙසේද ඔබට?
යුවාන් රාජ්‍ය සමග සිදුකල ගනුදෙනු සාර්තකයි.සේද මාර්ගයේ කටයුතු යතාතත්වයට පත් වෙලා..ඔබ නම් විශිශ්ටයි.....රජු සිය වැඩිමහල් පුතනුවන් දෙස බැලුවෙ හද පිරි පිය සෙනෙහස ගැබ් වූ සතුටකිනි..

" එසේය පියතුමනි..සියල්ල යතාතත්වය පත්වීම පිලිබද සතුටුයි.යුවාන් හි රජු ඔබතුමාට තුටු පඩුරු රාශියක් එවනු ලැබුවා..."

" ඔබ නම් දක්ශයෙක්...කිරුලට නියම සුදුස්සා ඔබයි නම්ජූන්..ඔබ වැනි කුමරකු ලැබීම මගේ භාග්‍යක්...."

සිය පියානන්ට සිනහවකින් සංග්‍රහ කල කුමරු නැවත සිය හඩ අවදි කලේය..

" පියානනි..ටේහියුන් කුමරු නැවත මාලිගයෙන් පැනගිහින්ද?

මෙතෙක් සිනා සෙමින් සිටි රජුගෙ මුහුන ඇද වුනේ ක්ශනිකයෙන්....

" ඔහු ගැන කතා නොකර ඉමු නම්ජූන්..ඔහු ඇති දැනටමත් අවන්හලකට වී තරුනියන් සමග විනෝද වෙමින් ඔහු ගැන කතා කිරීමත් මට වේදනාවක්..........ඔබ ගොස් විවේක ගන්න කුමරුනි.....පසුව පැමින මා හමුවන්න.....
ටේහියුන් ගැන පැවසීම පවා රජූට වේදනාවක්...
කිසිත් නොපැවසූ නම්ජූන් කුමරු සිය පියාට ආචාර කොට කුටියෙන් පිට වුනේ සිය මලනුවන් වූ ටේහියුන් කුමරු සොයාගැනීමටයි.

මේ අතර නීල මකර අවන්හලේ,

" තව සෝජු ගේනවා.... මත්පැන් වලින් අධිකව මත් වී සිටි ටේහියුන් කුමරු අවන්හලේ සේවකයින්ට කෑගැසුවේය.

" නිලධාරීතුමා , අනේ ඔබතුමාට කේන්ති ගියාම තවත් හුරතල් නේ..."

කුමරුකු බව නොදත් අවන්හලේ නාටිකාංගනාවෝ කුමරුගෙ ඇගෙහි වෙලෙමින් විවිධ දෑ කීවද කුමරුගෙ අවධානය ඔවුන්ට හිමි වූයේ නැත.

My Love From The Future|taekook Where stories live. Discover now