chapter 10

850 215 67
                                    

ටේ ටිකකින් ජන්කුක්ගේ තොල් වලින් ඈත් වුනා.ජන්කුක්ගේ ඇස් ලොකු වෙලා.කලින් නිදිමතේ හිටපු කොල්ලාට නිදාගත්තද කියලවත් මතක නෑ.

" ජන්කුක්.......

ටේ ඇස් දෙකත් ලොකු කරන් තමන් දිහා බලන් ඉන්න ජන්කුක්ගෙ ඇස් ඉස්සරහට ආවා.

" ජන්කුක් ...මං ඔයාට ආදරෙයි හා පැටියෝ,මං දන්නව ඔයා ආවෙ අනාගතෙන් කියලා.ඔයා එක ලෝකෙක මං තව ලෝකෙක..ඒත් මං කෝමද කූ මගෙ හැගීම් හංගන් ඉන්නෙ,මට සමාවෙන්න ....ඒත් මං ඔයාට ආදරෙයි...."

ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙන ටේ කියද්දි ටේගෙ ඇස් වලින් එකදිගට කදුලු කඩාගෙන වැටුනා.

ජන්කුක්ට මේ කිසිදෙයක් හිතාගන්න බෑ.එයත් ටේට ආදරෙයි තමා.ඒත් ...ඒත් ටේට ආදරෙ කරලා අන්‍තිමට එයව දාලා යන්න වෙනව කියලත් ජන්කුක් හොදටම දැනගෙන හිටියා. ටේ මුලු ජීවිත කාලෙම විදවයි.ඊට වඩා හොදයි මුලින්ම බැ කියන එක...

ටේගෙ ඇස් දිහා බලන් ඒක කියන්න බෑ කියලා ජන්කුක් දැනගෙන හිටියා.හිමීට බිම බලාගත්ත ජන්කුක් කටින් එලියට පනින්න දගලන හීන් ඉකිය අමාරුවෙන් තද කරගෙන,

" මං ඔයාට කැමති නෑ ටේහියුන් කුමරුනි"

ටේට එකපාරට හිතගන්න බැ.එයාගෙ කූක් එයාට කැමති නෑ කිව්වා.ටේ නිකමටවත් හිතුවෙ නෑ ජන්කුක් එයට අකමැති වෙයි කියලා.රෑට එයාගෙ උනුහුමට ගුලි වෙන...එක එක පිස්සු කතා කියෝන...සමහර දේවල් වලට හාවෙක් වගේ ඇස් ලොකු කරන පිස්සු හා පැටියා එයාට අකමැති කිව්වා.

ඔව්...හම්බෙලා දවස් ගානයි තමා ..ඒත් ටේටවත් හිතාගන්න බැරි හැගීම් ගොන්නක් එයාට මේ ටික දවසට ඇති වෙලා තිබ්බා.
හරියට ආත්ම ගානක් අදුරනව වගේ.......

තමන්ගෙ ඇගේ තිබ්බ ටේගෙ අත් වල උනුසුම එකපාරට නැති වුනෙ මොකද කියලා බලන්න ජන්කුක් ඔලුව ඉස්සුවා.
ටේ නැගිටලා..ඇස් වල ලොකු කදුලු බින්දු න්ලියනව...තොල් වෙව්ලනව...

ටේට මේ දුන්න දුකට තමන්ට කවදාවත් සමාවක් ලැබෙන්න නම් එපා කියලා ජන්කුක් දහස් වාරයක් මිමිනුවා.

" කූ...
ටේගෙ කටින් පිට වුනේ එච්චරයි.ඊලග තප්පරේ එය සිහිය නැතුව ඇදගෙන වැටුනා.ජන්කුක් ඉක්මනට ටේව අල්ලගත්තා.

My Love From The Future|taekook Where stories live. Discover now