කුකී ඔලුවත් කරකෝ කරකෝ ඉදන් එකපාරට නැගිටලා එලියට දිව්වා.හරියට පිස්සෙක් වගේ.ඒ අස්සෙ කොල්ලගෙ අතින් ලේත් එනව.ටේටයි ජිමින්ටයි මොකුත් හිතාගන්න බෑ.ඒ දෙන්න ඉක්මනට කුක් පස්සෙන් එලියට ආවා.
" අනේ දෙයියනේ..හොයන්න ජන්කුක් ලයිට් කනුවක් හරි සැටලයිට් කුලුනක් හරි..අනේ දෙයියනේ මං ඇත්තටම අතීතෙද එහෙම වෙන්නෙ කොහොමද?
ජන්කුක් මාලිගාවෙන් එලියට පැනලා ඈතින් පේන කදු ටික චෙක් කරේ ලයිට් කනුවක් වත් තියෙද බලන්න .ඒත් නෑ..අඩුම කම්බියක්වත් නෑ..
ඒත් එක්කම එයාගෙ ඇස් යොමු වුනේ වටේටම ඉන්න සෙබලු ටිකට .ඒ වගේම එයා දිහා කන්න වගේ බලන් ඉන්න කුමාරයගෙ සේවිකාවෝ ටික.
" දැන් නම් ශුවර් මං ඉන්නෙ විසිඑක්වෙනි සියවසේ නෙමෙයි.මොකද්ද ජන්කුක් ඔයා මේ කරගත්තේ..." ජන්කුක් තමන්ටම මුමුන ගන්න ගමන් ඔලුවෙන් අත් දෙක තියාගත්තා.
එතකොටයි දැක්කේ එයාගෙ අතින් ලේ ගොඩක් යනව කියලා.එකපාරට ඔලුව කැරකෙනව වගේ දැනුනත් කවුරුහරි එයාව හයියෙන් අල්ලගන්නව වගේ දැනුනා.
" හා පැටියෝ , එනව යන්න අපි ඕකට බේත් දාමු"
ජන්කුක් මොකුත් නොකියා ටේහියුන්ගෙ ඇගට බරවුනේ මේ හැමදේකින්ම එයාට ලොකු ශොක් එකක් ගෙනාපු නිසා.
" ජිමින් බේත් අරන් එන්න...
ටේහියුන් ජිමින්ට කියලා ජන්කුක්ව ආයෙමත් මාලිගාවට එක්කන් ඇවිත් ඇදෙන් වාඩි කෙරෙව්වා.
" ඔයාගෙ නම මොකද්ද හා පැටියෝ"
ජන්කුක් ලග බිම දනගහගෙන කුක්ගෙ තුවාල වෙච්ච අත තමන්ගෙ අත උඩට අරගෙන ටේහියුන් ඇහුවා.
" ජන්කුක්.....
ජන්කුක් හිමීට මිමිනුවා.එයාගෙ ඔලුව ඇතුලෙ නම් මේ වෙද්දි ලොකු සුනාමියක් ඇවිත් තිබ්බේ.
" ජන්කුක් කෝමද මං ටේහියුන් ....
ටේ හිනාවෙද්දි කුක් ඒ දිහා බලන් හිටියෙ කන්න වගේ..එච්චරට ලස්සනයි ටේගේ හිනාව.
එතකොටම ජිමින් බේත් අරගෙන ආවා.ජිමින් කුක්ට බේත් දාන්න හැදුවත් ජිමින්ගෙ අතින් බේත් ටික උදුරල අරගෙන ටේහියුන් කුක්ට බේත් දාන්න ගත්තා.
YOU ARE READING
My Love From The Future|taekook
Historical FictionBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* *අයිතිය හොයන* *මම විය වැලි කැටය* *මහ පොළොවේ* *දිනක හැකි වොතොත්* *එන්න අහසට* *විය හැකි ද මට* *පමණක්...