" ටේ...ටේහියුන් මේ මම? ඇතුලට එන්නද?
ජිමින් එලියේ ඉදන් කතා කරේ ටේට.
ටේ හිටියේ ජන්කුක් ගාව.
හුස්ම ගන්න අමාරු වුනාට පස්සෙ ජන්කුක් ලොකු නින්දකට වැටුනා.
ටේ ත් ජන්කුක් ගෙ අතකින් අල්ලගෙන මූන දිහා එක දිගට බලන් හිටියා.
එයාගෙ දැහැන මොහොතකට බිදුනේ ජිමින් ගේ කටහඩින්." ඇතුලට එන්න ජිමින්...
ටෙගෙ අවසරෙත් එක්ක ජිමින් ඇතුලට ආවා.ටේ ඉන්න විදිහ දැකල ජිමින් එක දෙයක් තේරුම් ගත්තා.
ටේ ට ජන්කුක් නැතුව ඉන්න බෑ කියලා...!
" ටේ ...කුක්ට මොකද?
ජිමින් ඇහුවේ කුක් ඉන්න ඇද ලගට ලං වෙන ගමන්.ඇදේ කොනක වාඩි වෙලා හිටපු ටේ ජිමින්ගෙ අතින් ඇදන් ඇදට ටිකක් මෙහායින් තිබුන පුටුවක ජිමින්ව වාඩි කරවලා එයත් වාඩි වුනා.
" ටේ ....
ජිමින්ට පුදුමයි.ඔව් පුදුමයි...
කිසිම දෙයක් බරක් පතලක් නොගත්ත කොල්ලා අද පුදුම විදිහට ඇතුලෙන් කඩන් වැටිලා.
ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක්....
ඒ වගේම පසුතැවීම...🙃" ජිම්...මං ඔයාව බදාගන්නද?
ටේ ඇහුවෙ ජිමින්ගෙ පැත්ත හැරිලා.
ජිමින් මොකුත් නොකියම ටේව තද කරලා බදාගත්තා.ටේගෙ අත් වලින් තමන්ව කොච්චර තද කරනව ද කියලා ජිමින්ට දැනුනා..
ටේ ඉන්නෙ ලොකු වේදනාවකින්...
" ජිම්....ඔලුව අතගාන්න පුලුවන්ද?
ටේ ජිමින්ගෙ උරහිසේ මූන හංගගෙනම මිමිනුවා..
ජිමින් නිහඩව ටේගෙ ඔලුව අතගෑවා.
ජිමින් ට ටේව දැනුනා.එයාගෙ හැගීම් හොදට දැනුනා.චූටි කාලේ ඉදන් ආදරය අහිමි වෙච්ච ටේට ආදරේ ඉගැන්නුවේ කුක්...අද ටේගෙ පුංචි අත්වැරැද්දකින් කුක්ගෙ ජීවිතේ අනතුරේ ....
ටේ මහ හුගක් කුක්ට ආදරේ කරන්න ඇති....
ආදරේ අහිමි උන මිනිස්සු ආදරේට ගොඩක් පෙරේතයි....
ජිමින්ගෙ ඇස් වලට ඉබේම කදුලු ඉනුවා.
එයාට ඉවසන්න බෑ ..
ටේ ගෙ වේදනාව එයාටත් දැනෙනව...
YOU ARE READING
My Love From The Future|taekook
Historical FictionBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* *අයිතිය හොයන* *මම විය වැලි කැටය* *මහ පොළොවේ* *දිනක හැකි වොතොත්* *එන්න අහසට* *විය හැකි ද මට* *පමණක්...