chapter 6

904 220 62
                                    

@2021

ප්‍රොෆෙසර් ජියොන් කෙලින්ම ගියේ මියුසියම් එකට.ඒ වෙද්දිත් මියුසියම් එකේ තත්වය සාමාන්‍ය අතට හැරිලා තිබුනෙ.ඒත් මහජන ප්‍රදර්ශනයට තවමත් විවෘත කරල තිබ්බෙ නෑ.

ෆයිල් ගොඩ අස්සෙ මාලේ විස්තර තියෙන ෆයිල් එක හොයාගත්ත ඔහු ඉක්මනින් පෙරාලගන පෙරලගෙන ගියෙ ජන්කුක් ගෙ කෝමා එකත් එක්ක මාලෙට ලොකු සම්බන්ධයක් තියනව එයාගෙ හිත සැරෙන් සැරෙ මුමුනපු නිසා.

මාලෙ ගැන තිබ්බ විස්තර ගොඩක් ඒවා අපැහදි සහ එකකට එකක් පරස්පරයි කියලා තේරුම් ගන්න ජියොන්ට විනාඩියක් වත් ගත වුනේ නෑ.

" මේකට උත්තර තියෙන්නෙ හෙන්දොන් යොන්ගුසම් පන්සලේම තමයි"

තමන්ටම මුමුන ගත්තෙ ජියොන් කෝට් එකත් අතට අරගත්තෙ මාලේ හම්බෙච්ච පන්සලට ආයෙමත් ගිහින් විස්තරයක් හොයාගන්නව කියන බලාපොරොත්තුවෙන්.

මේ වෙලාවෙ තමන්ගෙ බිරිදට තමන්ව ගොඩක් අවශ්‍ය බව ජියොන් දන්නව උනත් ජන්කුක්ව හොද කරගන්න පුලුවන් මාලෙන් විතරක්ම කියල ඔහුගෙ හිත පුන පුනා කිව්වා.

කැනීම් කරපු සොහොන ලග වාහනෙ නතරකරලා ජියොන් මොහොතක් සොහොන දිහා බලන් හිටියා .

සොහොන ගැන කැනීම් කරත් සොහොනේ අයිතිකාරයා පිලිබද වැඩි විස්තරයක් ඔහු දැනන් හිටියෙ නෑ..

"මහත්තයා ආයෙමත් ආවාද?

ප්‍රොෆෙසර් ජියොන් සොහොන ගාවට වෙලා කල්පනා කරද්දි එතනට ආවෙ ඒ පන්සල බාර හාමුදුරුවෝ බව ජියොන් දැක්ක ගමන් අදුර ගත්තා.

" මට අර මාලෙ ගැන විස්තර දැන ගන්න ඕනි"

හාමුදුරුවන්ට ආචාර කරලා ප්‍රොෆෙසර් ජියොන් කෙලින්ම කතාවට බැස්සෙ එයාට නස්ති කරන්න තරම් කාලයක් නොතිබ්බ නිසා.

" කවුද මහාචාර්‍යතුමා කෝමා තත්වෙට පත් වුනේ?
හාමුදුරුවෝ එහෙම අහද්දි ප්‍රොෆෙසර් ජියොන් ඇස් පුදුමයෙන් මහත් වුනා.

" එන්න..වාඩි වෙලා කතා කරමු"

ඒ වෙද්දිත් කම්පනයෙන් වගේ හිටපු ජියොන් දිහා බලලා හාමුදුරුවෝ කිව්වා.

My Love From The Future|taekook Opowieści tętniące Åŧyciem. Odkryj je teraz