" ටේ මොකද කරන්නේ දැන්?"
නම්ජූන් ඇහුවෙ ඒ වෙද්දිත් එයාලව වට කරන් ඉන්න සේනාව දැකල." මුන්ට යටත් වෙන්නෑ හියුන් මං මැරුනත්"
ටේ නම්ජූන්ගෙ පිටට හේත්තුවුනේ දෙන්නගෙම ආරක්ශාවට.කොහෙන් පාත් වුනත් එන එන එකාට ගහනව කියලා ටේ හිතාගත්තා.
සෙබලු ඉන්නෙත් ටික දෙනයි.එයාලත් නම්ජූන්ගෙයි ටේගෙයි ආරක්ශාවට එයාල දෙන්නා වටේට හිටියෙ කඩුත් දික් කරගෙන.
අල්චොන් ගෙ වැඩ නිසා විටින් විට ඇදුම් කන තුවාල වල වේදනාවත් දරාගෙනම ටේ ඉවසන් හිටියේ මොන දේ වුනත් යටත් වෙන්නෙ නම් නෑ කියලා හිතාගෙන.
මොහොතක් යන්න කලින් ටේගෙත් නම්ජූන්ගෙත් ආරක්ශාවට හිටපු සෙබලු එකා දෙන්නා කඩුපාරවල් කාගෙන බිම ඇදගෙන වැටෙද්දි ,තමන් වෙනුවෙන් ජීවිත පුදා කරන අහිංසකයෝ වෙනුවෙන් නම්ජූන් කුමරුත් සටන් කරන්න ගත්තා.
ටේ හිටියේ ජිමින් කොයි වෙලේ හරි එයි කියන බලාපොරොත්තුවෙන්,එතකන් අල්ලන් ඉන්නව කියලා හිතාගෙන තමන්ට පහර දෙන්න එන සෙබලුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා.
" ට් ...ටේහියුන්?
තමන්ගෙ පිටිපස්සට කරන් අරක්ශා කරනව කියලා හිතන් හිටපු කොල්ලා පුරුදු කාරයෙක් වගේ සටන් කරනව දැකල නම්ජූන් මොහොතකට අන්ද මන්ද වුනා...
නම්ජූන්ගෙ මූන ඉස්සරහින් ගිය කඩු පාර ටේ පැනලා එයාගෙ කඩුවෙන් නවත්තද්දි නම්ජූන් හරි සිහියට ආවා. .
ඒ වෙද්දිත් ඉතුරු වෙලා හිටියේ සෙබලු කීපදෙනයි..ටේත් නම්ජුනුත් හොදින් හිටියත් ඉතුරු වෙලා හිටපු සෙබලු කීප දෙනා හොදටම හෙම්බත් වෙලා හිටියේ.
" නම්ජූන් යටත් වෙනව.....
සටන් කරමින් හිටපු ටේත් නම්ජූනුත් හිටි තැනම හල් ගැහුනේ සෙබලු මැදි කරගෙන අතේ දුන්නක් අරගෙන තමන්ගෙ පැත්තට එල්ලකරගෙන ඉන්න මීශිල් දැකලා.
ටේ නම්ජූන් ගෙ ඉස්සරහින් හිට ගත්තේ මොන දේ කරත් තමන්ගෙ මෑනියන් තමන්ට කරදරයක් නොකරයි කියලා හිතෙ ලොකු විශ්වාසයක් තිබුන නිසා.
VOCÃ ESTÃ LENDO
My Love From The Future|taekook
FicçÃŖo HistÃŗricaBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*āļ¸āļāˇ āļ¸āˇāļĢāˇāļ āļāˇ,* *āļ āˇāˇāˇ āļāļāˇ āļāļģāˇāˇāļ* *āļ āļēāˇāļāˇāļē āˇāˇāļēāļą* *āļ¸āļ¸ āˇāˇāļē āˇāˇāļŊāˇ āļāˇāļ§āļē* *āļ¸āˇ āļ´āˇāˇ āˇāˇāˇ* *āļ¯āˇāļąāļ āˇāˇāļāˇ āˇāˇāļāˇāļāˇ* *āļāļąāˇāļą āļ āˇāˇāļ§* *āˇāˇāļē āˇāˇāļāˇ āļ¯ āļ¸āļ§* *āļ´āļ¸āļĢāļāˇ...