මාලිගාවට ඇතුලු වුන ටේට එකපාරටම හිතට දැනුනේ අමුතු මූසල බවක්.හැම තැනම සුදු කොඩි. මාලිගාවේ හැමකෙනෙක්ම සුදු ඇදගෙන.....
ටේ නැවතුන නිසා ජන්කුක් ටේ ලගට ඇවිත් අතින් අල්ලගත්තා.
" ටේ....ඔයා හොදින් නේද? අපි දැන් කොහෙද යන්නේ.."
" මං හොදින් කුක්, අපිට ප්රධාන මාලිගාවට මේ ඇදුම් වලින් යන්න බෑ.අවමංග්ල්ය උත්සවයට අදින්න ඇදුම් තියනව ඒ නිසා මගෙ මාලිගාවට යමු"
ටේ කියද්දි ජන්කුක් ඔලුව වනලා හා කිව්වෙ ප්රශ්න අහල ටේව තවත් අවුල් කරන්න ඕනි නැති නිසා.
ඒ වගේම මාලිගාවේ තේජස ඉබේම ජන්කුක්ව නිහඩ කරා.
මාලිගා භූමියේම එක් අන්තයක තියන ටේගේ මාලිගාව ගොඩක් ලස්සනයි.
ජන්කුක් හැරි හැරි මාලිගාවෙ සුන්දරත්වය විදගත්තා.
ජන්කුක්ගෙ පිටසක්වල හැසිරීම් නිසා සැරෙන් සැරේ ටේට මතක් කරන්න සිද්ධ වුනා හැසිරෙන්නෙ කෝමද් කියලා.
ජන්කුක්ගෙ හුරතලේට ටේ තරම් ආස කෙනෙක් නෑ.ඒත් මාලිගාව ඇතුලේ බිත්ති වලටත් කන් තියෙනව.ඒ වගේම ටේ හොදටම දන්නව ජන්කුක් වගෙ අහිංසකයෙක්ට මේ මාලිගාව ඇතුලෙ කිසිම ආරක්ශාවක් නෑ කියලා.
ටේ එයාගෙ මාලිගාව ඇතුලට යද්දි සේවිකාවක් මර්ගයෙන් ජන්කුක් ජිමින්ගේ කුටියට ඇතුල් වෙලා ජිමින්ගෙ ඇදුම් ඇදගත්තා.
ජන්කුක් ඉක්මනට ලෑස්ති වෙලා ආපහු ටේගෙ මාලිගාව ඇතුලට ඇතුල් වුනා.ටේ ඒවෙද්දිත් සූදානම් වෙලා හිටියේ.ජන්කුක් ඇතුලට යනකොට දැක්කෙ ටේ කඩුව්කුත් අතේ තියන් ඉකිගගහ අඩනව.
" අනේ ටේ......
ජන්කුක් ටේව හයියෙන් බදාගත්තෙ ඒ වෙලාවෙ ටේව සනසන්න තරම් වචන එයා ලග නොතිබ්බ නිසා.
ජන්කුක්ගෙ ඇස් වලිනුත් කදුලු ඔහේ ගලනව.
" කුක්, මේ අසිපත මට වයස අවුරුදු පහක් වෙද්දි පියාණන් දුන්න තෑග්ග්ක්...
දන්නවද එයා මේක මට දීලා මොකද්ද කිව්වෙ කියලා..."ජන්කුක්ගෙ උනුහුමෙන් මදකට ඈත් වෙලා ටේ ජන්කුක්ගෙ ඇස් වලට එබෙන ගමන් ඇහුවා.
YOU ARE READING
My Love From The Future|taekook
Historical FictionBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* *අයිතිය හොයන* *මම විය වැලි කැටය* *මහ පොළොවේ* *දිනක හැකි වොතොත්* *එන්න අහසට* *විය හැකි ද මට* *පමණක්...