Chapter 7

912 221 90
                                    

@2021

"ඩොක්ටර් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?

ඩොක්ටර්ගේ ඔෆිස් එක ඇතුලට ආපු කුක්ගෙ අප්පා ඇහුවා.

" ඔෆ් කෝස් ප්‍රොෆෙසර්,ජන්කුක්ගෙ තත්වේ ගැන නම් අහන්නේ එයා හොදින්.එයාගෙ කන්ඩිශන් එක නෝර්මල්..ප්‍රශ්නේ එයා තාම කෝමා එකේ ඉන්න එක..."

ඩොක්ටර් කුක්ගෙ අප්පා දිහා බලන් කිව්වත් එයා අනිත් පැත්තට දුන්න උත්තරෙන් ඩොක්ටර් පුදුම උනා.

" මට ජන්කුක්ව ගෙදර ගෙනියන්න ඕනි.."

" ඒත්...ඒත්..ප්‍රොෆෙසර් ?

" සමාවෙන්න ඩොක්ටර්.මං ඔයාලගෙ සේවාව පිලිබද තෘප්තිමත් .ඒත් මට ජන්කුක්ව ගෙදර ගෙනියන්න ඕනි, මං ඒකට අවශය දේවල් ගෙදර ලෑස්ති කරා.."

කුක්ගෙ අප්පගෙ තීරනය ඉදිරියේ ඩොක්ටර් නිරුත්තර උනා.

" හරි ප්‍රොෆෙසර්, ජන්කුක්ට බ්‍රීතින් ප්‍රොබ්ලම්ස් එන්න ඉඩ තියනව,එයා ගැබුරු නින්දකට වැටුනොත්?
එයාගෙ බ්ලඩ් ප්‍රෙශර් නෝර්මල් වුනත් අපිට අවදානමක් ගන්න බෑ නේද?

" ඩොක්ටර් ඒ මගෙ දරුවා.මං කොරියාවෙ හොදම ඩොක්ටර්ස්ලා දෙන්නෙක් චැනල් කරා,එයාල දෙන්නගෙන් එක්කෙනෙක් 24×7 ඩියුටි.ඩොක්ටර්ට ඕනිමනනම් චෙක් කරන්න පුලුවන්"

" හරි ප්‍රොෆෙසර්, අපි ජන්කුක්ව ඩිස්චාර්ච් කරන්නම්, ඒත් අපි එයාගෙ වගකිම බාරගන්නෑ ඕකේ"

ඩොක්ටර්ගේ ඔෆිස් එකෙන් එලියට ආපු කුක්ගෙ අප්පා ලග තිබ්බ බිත්තියකට වාරු වුනේ හිටගෙන ඉන්න අමාරු නිසා.

" කුක්...ඔයා කොහෙ හිටියත් මං ඔයාව ගෙන්නගන්න උත්සහා කරනව...ඒත් මාලෙ ඔයා ලග තියෙනකන් ඔයාට පුලුවන් ආපහු එන්න"

ඇස් වලින් වැටෙන කදුලු බින්දුවක් පිහලා ආයෙමත් මූනට හිනාවක් අරගෙන කුක්ගෙ අප්පා කෙලින්ම ගියේ ඔම්මා ලගට.

ජන්කුක්ගෙ රූම් එක ඉස්සරහට වෙලා එයා සැරින් සැරේ හූල්ලනව...

" සේහී...... කුක්ගෙ අප්පා ඔම්මා ලගින් වාඩි වෙලා හිමීට ඔලුව අතගෑවා.

" ඔයා ඩොක්ටර්ට කතා කරාද..එයා මොකද කිව්වෙ?

" අපි කුකීව ගෙදර ගෙනියමු..හොදද...

My Love From The Future|taekook Donde viven las historias. Descúbrelo ahora