මම බැක්පැක් එක අරන් එලියට එද්දිම මට හම්මුනේ අජුම්මාව..ඒ මනුස්සයා විතරයි මම මෙහෙට ආවාම මට මනුස්සෙක් වගේ සැලකුවේ..ඒ නිසාම මම..
"අජුම්මා.."
"අහ්..ත්තල්..මොකෝ මේ.."
අජුම්මා ඇහුවේ පුදුමෙන් වගේ..
"මම යන්න කියලා බැලුවේ අජුම්මා..ගොඩක් ස්තූතියි මාව බලා ගත්තාට.."
එහෙම කියලා මම අජුම්මාට ආචාර කලා..
"ඒත් මේ මහ රෑ..ත්තල්ට තාම හොදත් නෑනේ..අද නේ සිහිය ආවේ.."
එහෙම කියලා අජුම්මා බැලුවේ යුන්ගිශි දිහා..ඒ එක්කම යුන්ගිශි..
"නේ අජුම්මා..මම කිව්වා..ඒත් මෙයා යන්න හදනවා.."
"මහත්තයා..දැන් තනියම මේයාව යවන එක හොද නෑනේ..ඒකත් මෙහෙම ඉද්දි.."
" කිව්වා අජුම්මා..කිව්වා..අහන්නේ නෑනේ.."
ඒ එක්කම මම යුන්ගිශි දිහා රවලා බැලුවා..මෙයා තමා දැන් ටිකකට කලින් මට යන්න කිව්වේ..දැන් මෙයා හොද කෙනා වෙනවා..
"මම යන්නම්..බොහොම ස්තූතියි මාව බලා ගත්තට අජුම්මා..ඔයාටත් යුන්ගිශි.."
එහෙම කියලා මම ගෙදර දොර ගාවට ගියා..ඒත් මට දොර අරින්න බැරි උනේ ඒකට පාස්වඩ් එකක් දාලා නිසා..ඒක තමා යුන්ගිශි මම යන්න හදද්දී ගානක් නැතිව හිටියේ..ශිට් මේ මනුස්සයා නම්..ඔයා මට ඔයාව එපා කරවනවා යුන්ගිශි..මම ඉතින් අනිත් පැත්ත හැරෙද්දී යුන්ගිශියි අජුම්මායි දෙන්නාම හිනා වෙවී මන් දිහා බලන් ඉන්නවා..යුන්ගිශි නම් කමක් නෑ..ඒත් අජුම්මාත්..
"මොකෝ නැවතුනේ..යන්න බැරිද??හ්ම්.."
යුන්ගිශි හිනා වෙවිම අහනවා..
"අනේ..ප්ලීස්..මේකේ පාස්වඩ් එක කියන්න.."
මම වැන්ද නැති ටික විතරයි පාස්වඩ් එක ඉල්ලන්න..ඒත්..
"විකාරද?? පාස්වඩ් කියන්න මේ මම..පාස්වඩ් දාන්නේ කියන්න නෙමෙයි නේ.."
"අනේ..මට යන්න ඕනේ.."
එහෙම කියලා මම බිම ඉද ගත්තේ අඩා ගෙනමයි..ඉද ගද්දීම ආයේ වතාවක් මගේ කකුල පෑරුන නිසා මට තරු පෙනුනා..ඒකෙන් උනේ මගේ ඇඩිල්ල කෑ ගැහිල්ලක් උන එක.. මම තවත් කෑ ගැහුව එක නිසා....

YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Фанфикමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty