🦋 Chapter 8 🦋

531 156 118
                                    

Yoongi POV

මම දැක්ක දේ නිසා මට දාඩියත් දැම්මා..හයියූ..ඇයි මම මේ වෙලාවෙම මේ රූම් එකට ආවේ..නුරායත් ඒක දැකලා බය උනා කියලා මට තේරුනා..ඒ මදිවට එයාට ලැජ්ජා හිතිලද කොහෙද?? ලැජ්ජා නොහිතෙයිද ඉතින් කොල්ලෙක් මේ වගේ දෙයක් දැක්කම..ඒ එක්කම මට එයා ගැන පොඩ්ඩක් විතර දුක හිතුනා..මටම තේරෙන්නෙ නෑ මම ඇයි මෙයාට හොදින් සලකන්නේ කියල..අජුම්මාවත් හිටියා නම් එයාට නුරායා ඉන්න සිටුවේශන් එක තේරුම් ගන්න පුලුවන්..අනික කොල්ලෙක් වෙච්ච මට මෙයා මේ වගේ දෙයක් කියන්නේ නෑනේ..අනික ඉතින් මම මෙයාගේ කවුරුත් නෙමෙයි නේ..තව මේ කාමරේ අස්සෙම ඉදලා මෙයාට මුකුත් කර ගන්නත් බෑනේ..ඒ එක්කම මම ඉක්මනට නුරායාගේ රූම් එකෙන් යන්න නැගිට්ටේ මම ඉදලා  එයාව තවත් අපහසුතාවට පත් කරන්න ඕනේ නැති නිසා..මගේ පවුලේ මට ඉන්නේ හ්‍යුන් කෙනෙක්..මගේ පවුලේ ගෑනූ කෙනෙක්ට කියලා ඉන්නේ මගේ ඔම්මා විතරයි..ඒ නිසා පොඩි කාලේ ඉදන් හ්‍යුන්ටයි මටයි මේවා මැජික් වගේ..මොකද අපට ඒවා පුරුදු නෑ..ඒත් ඉතින් දැන් එහෙම නෑ..ඒත් මට හිතා ගන්න පුලුවන් එයා ඉන්න තත්වේ..මොනා උනත් කෙල්ලෙක් නේ..ඒ නිසාම තමා මම අරහෙම ඇහුවේ..පුදුමයි මම ඒක පටලවගන්නේ නැතුව ඇහුවා..

අහලා ඉවර වෙලා පහලට ආවාට පස්සෙ තමා ඊලගට මට තරු පෙනුනේ..එහෙමයි කියලා මම කොහොමද ගිහිල්ලා ඒවා ගේන්නේ..ඔහ්..නෝ..වේ..අජුම්මායි  විතරයි දන්නේ මෙහෙ නුරායා ඉන්නවා කියලා..වෙන කවුරුත් දන්නේ නෑ..අඩුම මගේ සහෝදරයෝ හයදෙනාවත් දන්නේ නෑ..අනික අරුනුත් දන්නවා මට තාම කෙල්ලෙක් නෑ කියල..makeup artist නූනාටවත් කියනවාද?? හේ යුන්ගියා උබට පිස්සුද?? මරුවට තියේ.. ඒකී හිතයි උබට අසහනේ කියලා..අයියූ..😩හොබාගේ නූනාට..ඒත්..විකාරද යුන්ගියෝ උබට..ඒ හිතපන්..ඒ කියලා මම මොකක්ද කියන්නේ..යාහ්..යුන්ගියා හිතපන්..කවුරුත් දන්නේ නෑනේ මෙහෙ නුරායා ඉන්නව කියලා..අනික මෙච්චර කල් හිටපු එකේ අන්තිම කාලේ බොරුවට මේ පොඩි දෙයක් නිසා වැඩ අල කරගන්න  කර ගන්න ඔනේ නෑනේ..ඕන දෙයක් වෙත් දෙන් මම යනවා..

එහෙම කියලා මම කාර් එකේ කී එකත් අරන් දොරත් ඇරලා ආයේම දොරත් වහලා සෝෆා එකේ ඉද ගත්තා..🥴ඒත් මම කොහොමද ඒක විතරක් අරන් එන්නේ..අනේ යුන්ගියා..තමුසේ කවදා කරපු වැඩද මේවා..😩ඒ එක්කම මම ආයේ හිතුවා..ආයෙම හිතුවා..අදහසක් ආවා..තව මොනවා හරි එක්ක අරන් එනවා..ඒත් මාව කවුරු හරි දැක්කොත්..හයියු..හෙට නිවුස් වලටත් තියේ..BTS sugaට අසහනේ කියලා🤧..හනේ..මම මොකෝ කරන්නේ..ඒ එක්කම මට හිතුනේ..මාර්ස් එක දාන් කැප් දාගෙන පුලුවන් තරම් කවර් වෙලා යන්න ඕනේ..ගිහින් අරන් එනවා..අනික කොල්ලෝ මේ දේවල් කරන්නේ..ශිට්..කවදා කාපු කටුද?? 🤥අජුම්මා වේ..ඔයාගේ දුවට ලමයා එක දවසක් පරක්කු වෙලා එලියට දාන්න බැරි උනේ😒..ඒකිටත් ඉන්න බැරි උනානේ එක දවසක් ඉවසන්😒..ශිට් යුන්ගියා තමුසේ මොනවද ඔය හිතන්නේ..මගේ කැත හිත🌚..වෙන කරන්න දෙයක් නැ..මගේ ලැජ්ජාව වගේ නෙමෙයි නේ..එයා ඉන්නේ අමාරුවෙන්නේ..කමක් නෑ..මේක කරන්නම වෙනවා..

🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now