🦋 Chapter 12 🦋

513 163 51
                                    

මම දැකපු දේ නිසා මට මම ඉන්නේ කොහෙද කියලාත් අමතක උනා..එයා..එයා කොහොමද මෙහෙ ඉන්නේ😨..අනික එයත් එක්ක..මේ තුන් දෙනාම..ඇයි..එතන හිටියේ වෙන කවුරුත් නෙමෙයි මගේ අයියා..යූනා ඒ වගේම යුන්ගිශි..එයාලා තුන් දෙනා මට එහායින් හිටියේ..මගේ අයියා යූනාගේ ඉන වටෙන් අතක් යවලා එයාට තුරුලු කරන්..එතකොට යුන්ගිශි..එයා..එයා මොකක්ද එතන කරන්නේ..බැලූ බැල්මෙන් එයාලා කාලයක් තිස්සේ අදුනනවා වගේ..මගේ අයියා ගොඩක් වෙනස් වෙලා..ලස්සන වෙලා..ඒ වගේම එයා ගොඩක් පෝසත් වගේ පෙනුනේ..

මම ඒ දිහා බලන් හිටියේ මගේ ඇස් අදහා ගන්න බැරුව..මට කරන්න ඕනේ මොකක්ද කියලා හිතා ගන්න බෑ..මම සතුටු වෙන්නද ඕනේ දුක් වෙන්නද ඕනේ කියලා..මම කලබල උන පාරට අනිත් පැත්ත හැරිලා යන්න ගත්තේ වටපිටාව ගැනවත් බලන්නෙ නැතුව..මට තිබ්බ කලබලේට මම එතනින් දුවද්දිම එතන තිබ්බ ගලක පැටලිලා මාව මුනින් අතටම වැටුනා..ඒකෙන් මගේ වැලමිට බිම ඇනුනේ මගේ මුලු ඇගෙන්ම කරන්ට් එකක් යනවා වගේ😖..ඒ දේ නිසා මට නිකන්ම කෑ ගැහුනා..ඒක පොඩ්ඩක් සද්දෙන් ඇහුනේ ඒ වෙලේ වටපිටාව නිශ්ශබ්දව තිබ්බ නිසා...ඒ මදිවට බිමට වැටිලා තියෙන හිම නිසා මගේ මුලු ඇගම සීතල උනා.. ආයේ නැගිටලා යන්න හදද්දිම වගේ මට ඇහුනේ අඩි සද්දයක්..මම දන්නවා ඒ එන්නේ කවුද කියලා..මොකද ඒ වෙද්දී මේ තැන හිටියේ අපි හතර දෙනා විතරයි..

මම නුරාගේ අයියට  🧑 මේ මාර්ක් එක යූස් කරනවා

🧑 අහ්..නෝ ක්වෙන්චෙනා..

ඒ කට හඩ අහද්දී මගේ මුලු ඇගම සීතල වෙලා ගියා..හරියටම අවුරුදු කීයකින්ද මම මේ කට හඩ අහන්නේ..මම උත්තරයක් නොදීම ඔලුව වැනුවා..මම  බිම වටේට ඇස් යවද්දී  එතන ඒ තුන් දෙනාම හිටියා..ඒ එක්කම වගේ මගේ අයියා මට අත දුන්නා..මම අත ගන්න මගේ අත දිග් කරන්නත් හදලා ආයේ අත ගත්තේ මට පරණ අතීතය මතක් උන නිසා..ඒ නිසාම මම..

💟 කම්සාහම්නිද..

එහෙම කියලා තනියම නැගිට්ටා..නැගිටලා යන්න හද්දිම වගේ මගේ වම් අතේ වැලමිටෙන් කෙනෙක් ඇල්ලුවා..එයා..

🖤 නුරා..

යුන්ගිශි මගේ අතින් අල්ලපු පාර මම අනිත් පැත්ත හැරෙන්නේ නැතුවම හිටියේ මට මගේ අයියට මුහුන දෙන්න ශක්තියක් නැති නිසා..මම කොහොමද එයාව ආයේ බලන්නේ..එයා මාව දාලා ගියේ මම එයාගේ ජීවීතේට කරදරක් උන නිසානේ💔..ඒත් එකපාරටම යුන්ගිශි මාව එයාගේ පැත්තට හරවලා ගත්තේ මට හිතන්නවත් වෙලාවක් නැති වෙද්දී.. බිම බලන් හිටිය මම ඒ එක්කම වගේ අනිත් පැත්ත හැරුනේ කට කොනකින් හිනාවකුත් තියන්..ඒ එක්කම මම මගේ අයියාගේ ඇස් දිහා කෙලින් බැලුවේ හිතේ ලොකු වේදනාවක් එක්ක💔..එයා මාව අදුන ගත්තා..එයාගේ ඇස් ලොකු උනා..ඒක කවදාවත් මාව බලාපොරොත්තු උනේ නෑ වගේ..

🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now