එදා නිවාසෙදි හැමෝ ගෙම්ම ගුටි කාපු මට,සීනී විස්කොතුවක් විතරක් මේලෝකේ රසම දේ වෙච්ච මට,බඩෙන් බාගෙට කාලා එකම ඇදුමත් කබල් සපත්තු දෙකත් පට්ටගහපු මට, නිවාසෙන් පනිනකොට ජෝන්ගෙ සුරුට්ටු සුවද ගහපු කබායත්, ලුසි අක්කගෙ ආදරේ පිරුන සීනි විස්කෝතුවත් තියන අඩියක් අඩියක් පාසාම කකුල් වේදනා ගෙන දෙන සපත්තු කබලත් හැට්ට කට්ටකින් යන්තන් ඉන තද කරගත්තු බාච්චු කලිසමක් ඇදන් මොර සූරන වැස්සෙම කම්බි වැටෙන් එලිය පැනලා ආව නිකම්ම නිකන් yi bo වෙච්ච මම..එහෙමත් නැත්තන් අනිත් උන් කියනවා වගේම ආතක් පාතක් නැති අම්මෙක් අප්පෙක් නැති මම අද නිකම්ම නිකන් yi bo නෙවෙ wang yi bo කියන නමත් එක්ක ආපහු මේ ගෙදරට මගෙ යෑන්ලි නැන්දයි ඩැනියි එක්කන් ආවා...නෑ...නෑ...එයාල දැන් මගෙ අම්මා...තාත්තා....
මොන දෙ උනත් මම එක දෙයක් විස්වාස කෙරුවා...මොර සූරන වැස්සකට පුලුවන් මිනිහෙක්ට අලුත් ජීවිතයක් දෙන්න..හරියටම මට වගේ....මම ඒ දෙන්නගෙ මැදට වෙලා පාරෙ යන වාහන දිහා බලාගෙන උන්නත් මගෙ කල්පනාව තිබුනේ කොහේදෝ ඈතක...මම හැම දේම මුල ඉදන් හිතුවා...ඒත් මට හිතන්න තැන් ගොඩක් තිබුන් නෑ...මගෙ ජිවිතේ මේ වුරුදු හතටම මටහම්බ උනේ අන්දකාර මතකයන් විතරයි...මේරිගේ වේවැල් පාරත්,අදුරු බිම් ගබඩාවත් පරන ගහද ගහන ටොයිලට් එකත් දිය සෙවල බැදුන නිවාසෙ බිත්ති එක්ක මට එකම සැනසීමකට තිබුනේ පීටරගෙ පියානෝවෙ සද්දෙත්,අල්තාරෙ උඩ හිටපු ජේසුගෙත් වත්ත කෙරවල තිබුන කම්බිවැටත් ලුසි අක්කගෙ සාක්කුවෙ තිබුන සීනි විස්කෝතුවත් විතරයි...මන් කල්පනා කරන ගමන් මගෙ අත්දිහා බැලුවා..."දර කෝටු වගේ කේඩෑරි වෙලා ගිහින්" මම මගෙ හිතින් මටම කියා ගත්තා ...
"පුතූ...එන්න බහින්න..." යෑන්ලි නැන්දගෙ...එහෙම නැතිනම් මගෙ අම්මගෙ කටහඩත් එක්කම මම ආපහු මේ ලෝකෙට ආවා... "මමා..." ඇත්තටම ඒ වචනෙ මගෙ දිවට හුගක් ආගන්තුක උනා..මට ඒ මූන බලන් තවත් නැන්දා කියන්න බෑ...ඩැනී නම් අපිව ගේ ගාවින් දාලා ආපහු යන්න ගියා..මන් හිතට හයිය අරන් එයා එක්ක කතා කෙරුවා...
" මමා....මන් ආය ඉස්කෝලෙ නැද්ද..?"
එයා මගෙ දිහා ආදරෙන් බැලුවා..එයා ආසයි මම එයාට මමා කියනවට... ඔව් මම අද ඉදන් කට පුරාවටම එයාට මමා කියනවා...බය වෙච්ච වෙලාවෙ එයාගෙ තුරුලෙ ඒ උනුහුමේ නිදිකරවගත්ත,ආදෙරන් මගෙ ඔලුව අත ගෑව..මුලිම්ම මගෙ කම්මුලට හාදුවක් දුන්න...ඒවිතරක් නෙවෙ එකම එක කිරි බිංදුවක් වත් එන්නෙ නැති බව දැන දැනම මට එයාගෙ ආදරේ දුන්න මගෙ ඉස්සරහා මන් දිහා ආදරෙ පිරිච්ච් ඇස් වලින් බලන් ඉන්න මේ ගැහැනියට මම කටපුරාම අම්මා කියලා කතා කරන්න හිතා ගත්තා..
YOU ARE READING
VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)
Fanfictionස්නොව්බෝල්ට ආදරෙන් , ......දන්නවද වස්තුව ....මේ ලෝකෙ හොදම හමුවීම නම් උඹයි.....!