එයා තවමත් උන්නෙ මට තුරුල් වෙලා..එයාට යන්න හිතක් නැතිවද මන්දා...මම එයාට කිසිම දෙයක් නොකියා එයාව මට තුරුල් කරන් මන් එයාගෙ පිට අතගෑවා...ඇත්තටම එයා හරි ආස උනා එයා මට තුරුල් වෙලා ඉන්නකොට පිට අතගාව ගන්න..මේ විදිහට නොදරුවෙක් වගෙ මට තුරුල් වෙලා මගෙ ආදරේ හොයන මේ අහිංසකයව මම කොහොම කියලා නම් අත අරින්නද...මන් එයාගෙ කම්මුලට හාදුවක් තිබ්බා..
"බබී...මගෙ ස්නොව්බෝල් අද යන්නෙ නැද්ද ම්ම්ම්"
එයා යනවා කියලා කියන්න මගෙ උරහිසට ඔලුව තියන්ම හෙල්ලුවා..මන් ආයම මොනවත් අහන්න ගියෙ නෑ එයාට ඇති වෙනකන් ඉන්න දුන්නා..ඒ එක්කම එයාට මොකක් හරි මතක් උනා වගේ මගෙ මූන දිහා බලලා මටත් ටිකක් ඉන්න කියලා ආපහු උඩට දිව්වා..කොච්චර කිව්වත් නම් අහන්නෙ නෑ පඩි පෙල දිගේ දුවන්න එපා කියලා අහන්නෙම නෑනෙ..මට වෙලාවකට කේන්තිත් එක්ක..ඔන්න ඉතින් ආයම දුවන් එනවා සැර කරන්නත් බෑ පොඩ්ඩ බැරි වෙනකොට මූන එල්ල ගන්නවා නැත්තන් මම එකක් කියනකොට එයා මට එකට දහයක් කියනවා දෙයක් කියන්නම බෑ දැන් මගෙ හුරතලේ වැඩිවෙලා මුරන්ඩු වෙලා ඉන්නෙ...ඒත් ඉතින් අවුරුදු 20ක් කියන්නෙත් මහ වයසක්ද නේද... එයා හැසිරුනෙත් එහෙම නෙවෙනේ...ඔහෙ නටපු දෙන් මම ගොඩක් වෙලාවට හිතුවෙ ඒක....
මන් එයාගෙ මාලු ටැංකියට එබිලා එහා මෙහා පීනන පපා මාලු ටිකයි මමා මාලු ටිකයි දිහා බැලුවා..එයාටත් දාන්න නම් නැතිවද කොහෙද පපා මමා කියල දැම්මෙ..එතනම තිබුන මාලු කෑම පෙට්ටිය අරගෙන මන් ඒකෙන් චුට්ටක් ඒ ගොල්ලන්ට දැම්මා ..අනේ මන්දා මට ඔය මාලු හුරතල් කරන්න නම් තේරෙන්නෙ නෑ..එයා නම් මොනවා කරනවද දන්නෙ නෑ..උන් ටික පොරකකා ඒ චූටි චූටි කෑම බෝල කනවා...
ඒ එක්කම ස්නොව්බෝල් ඇවිත් මාලු ටැංකියට බෙල්ල දාගන හිටපු මගෙ හූඩියෙ කොනකින් හිමීට ඇද්දා..
"ම්ම්ම්..ඕ බබී කියන්න.."
එයා මන් දිහාවට කොල දෙකක් දික් කෙරුවා..මේ මොකක්ද ද මේ...ආහ්...ලීෆ්ලට් එකක් නේද
YOU ARE READING
VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)
Fanfictionස්නොව්බෝල්ට ආදරෙන් , ......දන්නවද වස්තුව ....මේ ලෝකෙ හොදම හමුවීම නම් උඹයි.....!