23වන කොටස❤️💚

2.1K 456 98
                                    

එයා යන විරුද්ද පැත්තට මන් කාර් එක හරවන් ආපහු එන්න ආවා..මගෙ හිතට දුකක් වගෙම වේදනාවක් දැනුනා එයා මගෙ අත ගාව ඉදලත් මට කතා කරගන්න බැරි උන එක ගැන...

ඒ උනත් මගෙ හිතට ලොකු සැනසීමක් ආවා එයාට කරදරයක් වෙලා තිබුන් නැති එක ගැන...මගෙ හිතට මේ මොහොත වෙනකම්ම එයාව එදා ඒ ගේ ඇතුලේ තනිකරලා දාලා ආව එක ගැන මන් වද උනා.....ඒ එක්කම ආපහු මගෙ ඵෝන් එකට තාත්තා ගෙන් කෝල් එකක් ආවා...ඒය කලින් කතා කරපු වෙලෙ කිව්වා යාර්ඩ් එකට  එන්න කියලා දැන් කියනවා මට එන්න එපා කියලා,මට කවදාවත් නැතිවම ඩැනී එක්ක තරහක් වගේම මන් බලන්න ආසවෙන් හිටපු කෙනාව මග ඇරුන එක ගැන ලොකු දුකක් ආවා..

"එයා තවම මග යනවද දන්නෙ නෑ...ඒ පාරෙම පොඩ්ඩක් ගිහින් බලනවා"  මම කාර් එක උපරිම වේගෙන් ගිහින් ආපහු සුපර්මාකට් එක ලගට කිට්ටු උනා...එතන ඉදන් මන් කාර් එකේ වේගේ බාල කරලා ඒසි එකත් ඕෆ් කරලා ශටර්ස් ඇරගත්තා.. මොකද මට එයාව කොහොම වත් මග ඇරගන්න ඕන කමක් තිබුන් නෑ...මන් සැරින් සරේට බෙල්ලත් එලියට දදා එයාගෙ රූපේ හෙව්වා...ඔහොම්ම දිගටම ගිහින් මාව වැටුනේ හතරමන් හන්දියකට...

"අනේ...එයා මෙතනින් කොහෙට යන්න ඇතිද...?මට දැන් මන් ආව පාර ඇරුනම මේ පාරවල් තුනෙන් එකක් තෝර ගන්න වෙනවා....මොන හේතුවක් හින්දද මන්දා මට එයාව මග ඇරගන්න ඕන කමක් කොහොමත්ම තිබුන් නෑ...මන් දැන් පාරවල් තුනම දිහා බලන් ඉන්නවා..මම වමට ගියොත් එයා දකුණු පැත්තට ගිහින් ඇති කියලා මගෙ යටි හිත කියනවා...උඩ හිත කියනවා වමට යන්න ඇති කියලා මගෙ මොලේ කියනවා එයා කෙලිම්ම යන්න ඇති කියලා...මගෙ හිත අතුලේ එකම කාලගෝට්ටියයි...අන්තීමට මන් සෑහෙන්න වෙලා කල්පනා කෙරුවා...මගෙ එක පුරුද්දක් තිබුනා මම දෙයක් කල්පනා.කරනකොට මගෙ මහපට ඇගිල්ල අනිවාර්යයෙන්ම කටේ ගහන් නියපොත්ත හපනවා...

ඒ එක්කම මන් පියවි සිහියට ආවෙ කාර් එකක හෝන් සද්දෙ එක්ක මෙච්චර වෙලා මන් පාර මැද්දෙ ඉදලා තිබුනේ...අන්තීමට හිතේ දෙගිඩියාවත් තියාගන මන් වම් පැත්තට කාර් එක හැරෙව්වා...

"අනේ..ඔයා මෙච්චර ඉක්මනට කොහෙද ගියේ...??"මගෙ හිත දැන් කෑ ගහනවා..මේවෙලාවෙ තමා මට මතක් උනේ රෝඩ් රනර් එකේ "මික් මීක්  ගාන නිල්පාට කුරුල්ලව"  ඒවගේ හයියෙන් වත් දුවන්න පුලුවන් උනා නම් මට ඔය පාරවල් තුනේම දුවලා බලන්න තිබුනා.. හැබැයි දැන් මෙතනදි එයා...එහෙම නැත්තන් අර චූටි තක්කලි ගෙඩිය "මික් මීක් " වෙලා මම නරියා උනා වගේ ගතියක් මට දැනුනෙ...හැබැයි ඒකෙත් වරදක් නෑ ඒ නරියා උනත් කොච්චර මික් මීක් ගෙ පස්සෙන් පැන්නුවද අල්ල ගන්නකම්ම...ඇත්තටම කවදාවත් ඒ නරියට මික් මීක්ව අල්ලගන්නම බැරි උනාද???මට දැනුයි ඒක කල්පනා උනේ...

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Tempat cerita menjadi hidup. Temukan sekarang