45වන කොටස❤️💚

1.5K 343 59
                                    

එයාවත් මගෙ පපුවට තුරුල් කරන් නිදගත්ත මම පහුවදා නැකිට්ටෙ ඇගට දැනුන හිස්කමත් එකමයි..මන් ඇස් අරින්නෙත් නැතිවම ඇදෙ එහා මෙහා අතගාලා බැලුවා එයා බිත්තිය අයිනටවත් ගිහින්ද කියලා ...එයා උන්නෙ නෑ.....

"බබී....."

මන් ඇස් දෙක තවටත් ඇරියෙ නෑ..මොකද මට තවමත් නිදිමතයි...

ම්ම්හ්...කෝ මේ ලමයා...."

මන් ඇස් ඇරලා බැලුවා එයා කාමරෙ උන්නෙ නෑ...මට තවම ඇස් ඇර ගන්න අමාරුයි එයා ජනෙල් තිරෙත් ඇරලා ගිහින් තිබුනෙ චුට්ටක්...ඒ උනාට උදේ පාන්දර නම් මේ තරම් එලියක් එන්න විදිහක් නෑ අඩුම දහය මාරවත් වෙන්න ඕනා...මන් එහෙම්ම කොට්ටෙ යට තිබුන ඵෝන් එක අතගාලා ගත්තා ..මගෙ පුරුද්දක් තිබුනා ඵෝන් එක කොට්ටෙ යට ගහන් නිදා ගන්න එක මගෙ අම්මා කොයි තරම් ඒ පුරුද්ද නවත්තන්න හැදුවා උනත් එයාට බැරි උනා... අම්මා බනින්නෙම ඔලුවට හොද නෑ කියලමයි...ඩැනී නම් බනිනෙ මට ඔලුවක් නෑ කියලාමයි...

ඇත්ත අම්මා කියන කතාව ඵෝන් වලින් කොච්චර නම් කිරන විහිදෙනවද ඔව්වා මොලේට හොද නෑ....සමහරක් වෙලාවට අපි දෙම්ව්පියො කියන දේ තඹේකට මායම් කරන්නෙ නෑ ඒක අපේ හැටි ඒ උනාට එයාලා කියන්නෙ දෙයක් වෙන්න කලින් ඉදම්මයි...මොනා කරන්නද වයසෙ වැරද්ද තමා...

නිදි මත හින්දම මම එක ඇහැක් කොට්ටෙට යට කරන් ඵෝන් එක දිහා බැලුවා...වෙලාව එකයි...හහ්...!!!!එකයිද වෙලව???

අයියෝ...බබී...එයා වැඩට ගිහින්ද මේ ලමයා මාව ඇහැරෙව්වෙ වත් නෑ..ශිහ්  මට නින්ද ගියානෙ...අනේ ඒ උනාට අපිදෙන්නම නිදා ගත්තෙ පාන්දර වෙලානෙ අනේ මගෙ අහිංසකයට නිදි මතද දන්නෙ නෑ..."

මම මටම කියාගන්න ගමන් එයාගෙ සුවද  තිබුන කොට්ටෙ පපුව තියන් ඒ කොට්ටෙ  සිපගත්තා..."මගෙ බබීගෙ සුවදමයි..."ඒ ටිකකිම්ම මට පහලින් පිගන් බඩු සද්ද වෙන සද්දයක් ආවා...ඒ එක්කම වීදුරුවක් කුඩු උනා...එයා...එයා ගිහින් නැද්ද...

බබී....!! මොකක්ද ඒ කුඩු උනේ ..
මන් ඉකමනට පහලට දිව්වා දිව්වට වඩා මම පඩි පෙලේ පඩි ඇර ඇර පැන්නා කිව්වොත් හරි...

බබී...බබී....

එයා තවමත් උන්නෙ මම ඊයෙ රෑ අන්දපු මගෙ බැනියම පිටින් සපත්තු මොකුත් දාලත් නෑ මේස් දෙක විතරක් දාන් ඉන්නවා....
එයාගෙ අතින් වතුර බොන වීදුරුවක් බිදිලා එයා කටු ටික අතින් ඇහිදින ගමන් උන්නෙ...

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Donde viven las historias. Descúbrelo ahora