ඒ ලස්සන නෝනා මගෙන් ආපහු හිටපු තැනටම කැන්දන් යන්න අහන කොට හොදටම බය වෙච්ච මම ඉකි ගහන ගමන් ඇඩුවා..
මම...වෙන කොහෙ හරි යන්නම්..අනේ.නෝනා මහත්තයා මට එහෙට නම් යන්න බෑ...
නිවාසෙ හැදිච්ච අපිට කවදාවත් පිට මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඉඩක් හම්බෙලා තිබුන් නෑ..ඉතින් නැන්දෙ මාමේ කියලා කතා කරන එක අනිත් අයට කෙසේ වෙතත් මට නම් කොහෙත්ම හුරු වෙලා තිබුන් නෑ...නිවාසෙට ආදාර දෙන්න ආව සමහර අයට අපි කතා කෙරුවෙ නෝනා මහත්තයා කියලා...ඒක අපිට මේරි උගන්නල තිබුනෙ..ඉතින් මම දැන් කතා කෙරුවෙත් මේරි උගන්නපු විදිහටමයි...
ඔයා කාටද බය පැටියෝ...?කෝ අඩන්නෙ නැතිව කියන්නකො..ඒ නෝනා මාව අර ලොකු බ්ලැන්කට් එකෙන් එලියට ගත්තා...
මගෙ දෙවියනේ දරුවෝ...මේ මොකද මේ කව්ද ඔයාට මෙහෙම කෙරුවෙ..
එයා මගෙ පාන්ඩු පාට වෙච්ච කෙට්ටු කකුල් දෙකේ තිබුන වේවල් පාරවල් දැක්කා..ඇත්තටම මටම වෙලාවකට පුදුම හිතුනා මම මේරිගෙ වේවැල් පාර මෙච්චර කාලත් ජීවත් වෙච්ච එක ගැන..මේරි වැඩිපුරම ගැහුවෙ මගෙ යටිපතුලටයි පිටටයි මොකද ඒවා වෙන කාටත් පේන්නෙ නෑනේ ...මේරි පිටට පේන්න ජීවත් උනේම ආගම් කනුවක් වගේ එයා තරම් හොද පාලිකාවක් නැති තරමට තමා මේරි උන්නෙ..ඒ නෝනා දිගින් දිගටම මගෙන් අහනවා කව්ද මෙහෙම කෙරුවෙ කියලා..මට මේරි කියලා නම කියන්න හයියක් නෑ..මට බයයි ආපහු මෙයාලා මාව නිවාසෙට ගිහින් දැම්මොත්...ඇත්තටම එතනින් එහා දෙයක් මම හිතන්න වත් බය උනා..
එක පාරක් මේරි මාව බිම් ගබඩාවේ හිර කෙරුවා එතකොට මම මීටත් වඩා පොඩී..
ඒක උනේ නත්තල් දවසට කලින් දවසෙ..ලුසි අක්කා නත්තල් කේක් එකක් හැදුවා...ඒක ඇත්තටම පුදුම සුවදක් තිබුන කේක් එකක්...අපිට නම් එකේ රස බලන්න බැරි බව මම හොදටම දැනන් උන්නා..ඒත් එදා මම කෑම කන හෝල් එකේ ඉදලා එනකොට ඊට එහා පැත්තේ තිබුන මේරිගෙ කෑම කන හෝල් එකේ අර තට්ටු දෙකක් උස නත්තල් කේක් එක තිබුනා..ඒ කේක් එක ගාවම හේසල් නට්,වෝල් නට් වගේම ආමන්ඩ් ඇට දාපු රත්තරන් පාට පොඩි පොඩි චුට්ටක් විතර ගැබුරු පිගන් තිබුනා...අර කේක් එකෙම් ආව වයින් සුවද ඉව කරපු මම කේක් එකට අත තියන්න බැරි හින්දම පිගානක තිබුන එකම එක හේසල් නට් එකක් ගත්තා...මගෙ වෙලාව නම් අන්තිම නරකයි එදා...මට හැරෙන්න වත් හම්බුනේ නෑ මේරි පිටි පස්සෙ, බය උන පාරටම මගෙ අතේ තිබුන හේසල් නට් එක බිමට වැටුනා...මේරි ඒක දිහා බැලුවෙ හරියට මේරිගේ ඇගේ තිබ්බ වටිනම කෑල්ලක් බිම වැටුන විදිහටයි... මන් හිමීට නැමිලා හේසල් නට් එක අතට ගත්තා..මගේ අතෙ තිබුන හේසල් නට් එක මේරි මගෙන් උදුරලා ගත්තේ අර" ice age" කාටුන් එකේ මොකක්ද මන්දා ඇටයක් බදන් හිටපු ලේනා වගේ.. ඒතරම් මේරි මගෙ අතේ තිබුන නට් එකට ලෝභ උනුනා....
ESTÁS LEYENDO
VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)
Fanficස්නොව්බෝල්ට ආදරෙන් , ......දන්නවද වස්තුව ....මේ ලෝකෙ හොදම හමුවීම නම් උඹයි.....!