20වන කොටස❤️💚

2K 456 70
                                    

මන් අම්මගෙ උරහිසේ ඔලුව තියා ගත්තා ....  කොයිතරම් කාලෙකට පස්සෙද මගෙ අම්මගෙ උරහිසෙ මන් ඔලුව තියාගත්තෙ...ඒත් ටික වෙලාවක් යනකොට මගෙ බෙල්ල රිදෙන්න ගත්තා මගෙ අම්මා චූටීයි...මටඑහා පැත්තෙ ඩැනී ඉන්නවා ඩැනී ලොකු කල්පනාවක උන්නෙ....

"යෑන්ලි...ඔයාට මන් නැතිව පාලු හිතුනද.."මන් වෙනදා වගේම එයාගෙ මූන දිහා බලන් ඇහුවා...පරන දගකාර කම් මගෙන් හුගක් ඇතට ගිහින් තිබුනා..ඒත් මම මගෙ අම්මට වෙනසක් නොකරම ආදරේ කෙරුවා..මොකද මේ ඉන්නෙ මගෙ ජීවිතේ මගෙ හදවතේ උඩිම්ම ඉන්න කෙනා...එයා මගෙ නහර පෑදුන රලු වෙලා තිබුන අත අතගානවා..

"මගෙ පුතු ගොඩක් ලොකුයී....මේ අම්මට ආපහු හුරතල් කරන්න බැරි තරමට ඔයා වෙනස් වෙලා පුතේ..." මගෙ අම්මා...එයා කවදාවත් කැමති උනේ නෑ මම ලොකු වෙනවට මට මගෙ අම්මා ගැන කියා ගන්න බැරි දුකක් වගේම ආදරයක් හිතේ තිබුනා...

"මමා..මම කොයි තරම් ලොකු උනත් මම හැමදාම අම්මගෙ පුතුම තමා...ඩැනී....ඩැනී...හ්..."මන් තාත්තට කකුලෙන් ඇන්නා..

"ආයි බන්...ලාඩමක් ගහන්ද ඉන්නෙ කකුලට.."ඒ මගෙ තාත්තා මන් දාන් උන්නෙ බූට්ස් දෙකක්..ඒකෙ අඩිය හයිය උනා පව් එයාට රිදුනද මන්දා...

" ඩැනි....ඔයා මන් නැති දවස් වල මගෙ girlfriend  ව බලා ගත්තද හොදට ආ..."

"කාවද අර නාකි ලුසීවද...??ලුසීව නම් බලා ගන්න නම් බැරි උනා..."

"ලුසී නෙවෙ ඩැනී..මේ මෙයාව..මේ ඉන්නේ මගෙ girlfriend මෙයාව..."

"එයාගෙ මොනා බලන්නද බන්..ඔය ඉන්නෙ...දිලිසි දිලිසි..."

" ඔව් දිලිසෙන හින්දා තමා හොදට බලා ගත්තද අහන්නෙ.." මන් මගෙ අම්මගෙ අත ඉබින ගමන් කිව්වා අම්මා මගෙ උරහිසට එයාගෙ ඔලුව හේත්තු කරන් මගෙයි තාත්තගෙයි විකාර අහන් ඉන්නවා..

" අනේ මන්දා මේ තාත්තයි පුතයි එකතු උනාම නම්.."මගෙ අම්මා මගෙ කකුලට හිමිට ගහන ගමන් එහෙම කිව්වා..

"පුතා...තව දවස්  තුනකින් විතර ඔයාගෙ birthday  එක..."

"හ්ම්ම් ඔව් තාත්තා...ඉතින්න්..?"

"ඉතින් කියන්නෙ උඹ නාකීයි දැන්"

"අනේ ඩැනී මේහ් මම නාකි ණෑ ඔයා තමා නාකි කම පේන්නෙ නැති වෙන්න ඔය රත්තරන් දත් දාන් ඉන්නෙ.."

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Donde viven las historias. Descúbrelo ahora