13වන දිගහැරුම❤️💚

2K 465 71
                                    

මන් කාර් සීට් එකට ඔලුව තියා ගත්තා..  තව චුට්ට වෙලාවකින් ඉස්කෝලේ ලග...ලමයි මොනවා කියයිද මගෙ අලුත් සපත්තු අලුත් බෑග් මගෙ අලුත් යුනිෆෝම් එක දැක්කම...මම ලස්සනයි කියයිද...?මන් දිහා එයාලා දැන් වත් හොදින් බලයිද...?ජිමිනා....ජිමිනා මගෙ පංතියෙ නොවුනත් අපි දෙන්නම එකම බිල්ඩින් එකේ ....හ්ම්ම්.....කමක් නෑ...දැන් මන් නිවාසෙ නෙවෙ....ඒත් තවමත් මාව යෑන්ලි නෝනලාට අයිති උනේ නෑනේද??ඒ නිසා මොන දේ උනත් පරිස්සමින් ඉන්න ඕනා...මොනම හරි වරදක් උනොත් මට ආපහුම යන්න වෙයි අර මේරිගේ නාසි කදවුරට....මතක් වෙනකොටත් හිරිගඩු පිපෙනවා...

"බේබි...අපි ආවා...මැඩම් කිව්වා ඔයාව ඇතුලටම එක්ක යන්න කියලා..කෝ එන්න..."

බේබි....??මෙච්චර දවසක් එක එකාගෙන් කුනු කතා අහපු මම දැන් බේබි....ඇත්තටම ජීව්තේ නම් හරිම පුදුමයි ...එක වැස්සකට පුලුවන් උනා මගේ ජීවිතේම අනිත් පැත්ත හරවන්න...ඉතින් ටෝනි මගෙ පන්තිය ගාවටම ඇවිත් මාව ඇරලලා ගියා...වෙනද වගේම හැම දේම හොදින් සිද්ද උනා...ඒ උනත් වෙනදට වඩා ලමයි මගෙ ගාව කැරකෙන්න ගත්තා..මගෙ අලුත් ඇදුම් සපත්තු එයාලට අහන්න ප්‍රශ්න ගොඩක් ඉතිරි වෙලා තිබුනා...ඒ විතරක් නෙවෙ වෙනදට interval එකේදි නිවාසෙන් ඊයම් පාට යකඩ කෑම පෙට්ටියට දාන් ආව වේලුන පාං කෑල්ල වෙනුවට රසම රස සැන්විච් එක මගෙ ස්පෝන්ජ් බෝබ් හිටපු කෑම පෙට්ටියේ තිබුනා..ඒකේ පෙට්ටි පියනේ කහ පාට චූටි කොලේක " ඔක්කොම කන්න පුතූ..." මෙන්න මේ විදිහට ලියලා තිබුනා...

"යෑන්ලි නෝනා..."අනේ එයා මගෙ කෑම පෙට්ටියට පොඩි ලියුමක් දාලා...වෙනදට පන්තියේ මුල්ලකට වෙලා මගෙ වේලුන පාන් කෑල්ල  තට්ට තනියම කපු මට අද යාලුවො ගොඩක් උන්නා...ඇත්තටම මිනිස්සු එකතු වෙන්නෙ ලස්සන දේවල් වලටනේද....මන් ඉතින් එහෙම හිත හිත එයා හදාල දීපු සැන්විච් පෙත්ත කටින් කටට රස විද විද කෑවා......

ඉතින් මේරිගේ වේවැල් පාර නැතිව යෑන්ලි නෝනගෙ ආදරේ පිරිච්ච් හාදුවක් එක්ක නින්දට යන මම එයගෙ උනුසුම් හාදුවක් එක්කම මම නැකිට්ටා..එයා හැම දාම රෑට නින්ද යනකන් මගෙ ඇදේ මන් ගාවට වෙලා එයා දන්න හැම කතාවක්ම සිංදුවක්ම කිව්වා...මම එයාට ටික ටික ලං උනා...මම එයාට නෝනා නොකියා නැන්දා කියන්න පුරුදු උනා...එයා නම් හැමදාමත් වගේ පුතූ කියලම කට පුරාම කිව්වා...එයා මාව කොයි තරම් ඉම්බා උනත් එයා වැඩි පුරම ඉම්බේ මගෙ බෙල්ල පිටිපස්ස ..

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Donde viven las historias. Descúbrelo ahora