09වන දිගහැරුම ❤️💚

2K 459 61
                                    

ඒ කෑම ජාතිවලින් පිරුන මේසෙ ඉදන් මන් එයා මගෙ පිගානට බෙදලා දීපු කෑම මම කන්න ගත්තා..".ටර්කි" ඇත්තටම ඒක රසයි...ලුනු රස ගම්මිරිස් සැර වගේම කුළුබඩු රසයි කහපාට චීස් වල රසත් එක්ක ඒකෙන් අමුතුම රසක් ආවා....ඒ වගේම ඒ මස් හරිම මෙලෙක්..සුදුළූනූ දාල හදපු පාන් පෙත්තක් එක්ක මස් කෑල්ලක් මම කෑවා..ඒක ඇත්තටම හරි රසයි ...ඒ වගේම සලාද..එකවර්ගෙක නෙවෙයි සලාද වර්ග ගොඩක් තිබුනා...එයා මගෙ පිගානට සලාද හැන්දක් බෙදුවා..ඒකෙ තිබුන කොල ජාති නම් මම කියන්න දන්නෙ නෑ හැබැයි ඒ සලාද එකේ දෙළුම් ඇට තිබුනා...ඒවා හරියට රතුපාට මැනික් කැටවගේ..ලුනු රස ,කුඩා කැබලි වලට කපලා තිබුන පිපිඥ්ඥාවල සීත රසත්,තක්කාලි කෑලිවල ඇඹුලත් එක්කම රතු මැනික් කැට වගේ තිබුන දෙළුම් ඇට වල රසත් මේ ඔක්කොම එකතුවෙලා හරිම අමුතු රසයක් ආවා..

යෑන්ලි නෝනලාට පිංසිද්ද වෙන්න
මන් සෑහෙන්න කාලෙකින් මගෙ හිතයි බඩයි පිරෙන්න කෑම වේලක් කෑවා...අම්මො..මගෙ පිට කොන්දට ඇලිලා තිබුන චූටි බඩ චුට්ටක් විතර පිම්බුනා...කාලා ඉවර උනහම ලුසී අම්මා එක්ක තව ගෑනු කෙනෙක් ආවා..ඒ දෙන්නම හිමින් හිමින් කෑම මේසේ අස් කරන්න පටන් ගත්තා..

"ලුසී...ඔයාලට ඇති වෙන්න කෑම තියනවා නේද? මදි අඩුපාඩු ඔක්කොම ගන්න හොදද"

"ඔව් නෝනා..අපිට කෑම වැඩිත් එක්ක.."

"ඔයාලා මේ ටික අස්කරලා නිදාගන්නවා නම් නිදා ගන්න අද රෑට මොකුත් අපිට හදන්න එපා අපි හවස එලියට යනවා මෙයාගෙ වැඩ ටික ඉවර කරගන්න"

"හා..නෝනා"

එයා ලුසීට හරි කරුනාවන්තයි...ලුසී උනත් මේතරම් එයාට ලැදි වෙලා ඉන්නෙ යෑන්ලි නෝනගෙ කරුනාවන්ත කම හින්දම වෙන්න ඇති..ලුසි එක්ක කතාකර කර ඉන්න ගමන් එයා මන් දිහාවට හැරිලා මගෙ බෙල්ලෙ එල්ලලා තිබුන සර්වියට් එකෙන් මගෙ කට වටේට හෙමින් පිහ දැම්මා..මට නිවාසෙ ලුසි අක්කව මතක් උනා..පව් එයාටත් මේ වගේ කන්ම හම්බවෙනවා නම්..

ඒ එක්කම ලුසී අම්මා ආවෙ ලස්සන වීදුරු ලොකූ බෝල් එකක් අරන්...ඒ අතුරුපස...ලස්සන ලස්සන පාටපාට ජෙලි..ඒ බෝල් එකේ හැම පාටකම ජෙලි තිබුනා..කහ පාට රතු පාට කොල පාට දම්පාට...මේ හැම පාටක්ම තිබුනා ඒ විතරක් නෙවෙ ඒකෙ තිබුනේ කිරිත් එක්ක.. ඒ විතරක් නෙවෙ අයිස් ක්‍රීම් වගේම කෑලි කපපු පලතුරු බෝල් එකකුත් ගෙනාවා..මම ඒ දේදුන්නෙ පාට තිබුන ජෙලි එක දිහා බැලුවා..ලුසි අම්මා කපන කොට එවා පන තියනවා වගෙ දැගලුවා..

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Où les histoires vivent. Découvrez maintenant