52වෙනි කොටස❤️💚

1.4K 339 93
                                    

හැමදාම වගේ ඉරපායලා අලුත් දවසක් උදා වෙනකොට මගෙ කම්මැලි කොල්ලා බෙඩ් ශීට් එකට ගුලිවෙනකොට ,දවසින් දවස මගෙ පපුවට අලුතින් දත් පාරක් එකතු වෙනකොට මම මගෙ ස්නොව්බෝල් දිහා බලාගන හැමදාමත්  හිනා වෙන මූනෙන් මගෙ දවස පටන් ගත්තා... ඉතින් හරියටම තව දවස් හතකින් මම එයාවත් අරන් ආපහු ග්‍රීස් යනවා...

මම නම් කියාගන්න බැරි තරම් සන්තෝසෙකින් උන්නෙ...කොයි තරම් සන්තෝසෙන් උන්නද කියනවා නම් එයා එක්ක මුලිම්මකතා කරන්න ඕනෙ මොනවද කියන වචනේ පවා මම කල්පනා කරා..මේ දවස් ටිකේම මම උන්නෙ උලක් උඩ ඉදන් ඉන්නවා වගේ හැගීමකින් මොකද ඒ තරම් මට තදියම.....

ඒ කොහොම උනත් ස්නොව්බෝල් අපේ ගෙදරට ආවදා ඉදන් මම පුදුමසතුටකින් උන්නෙ...විශේශයෙම්ම මගෙ අම්මා..ස්නොව්බෝල්  නම් මහ කපටියා එයා එයාගෙ හුරතල් මායම් දාලා මගෙ අම්මව එයාගෙ පැත්තට නම්මන් තිබුනා...අපේ අම්මට මගෙ මේ වයසෙදි මා එක්ක ඉන්න බැරි උනේ මම කැම්පස් ගියා ආය ඒ හුස්මට මිලිටරි ගියා...මට අම්මව වගේම අම්මට මාව ටික කාලෙකට මග ඇරුනා විතරක් නෙවෙ ඒ හුස්මට ආපහු ඩැනී මාව එයා ගාවට ගත්තා ඒකෙන් උනේ අම්මට මාව මග ඇරුන එක ,ඒකනේ එයා ඩැනීටත් බනින්නෙ...ඒ කෙසේ වෙතත් ඒ අඩුව මදී නොකියම  පුරවන්න ස්නොව්බෝල් උන්නා...අපේ ඩැනීට නම් අපි තුන්දෙනාගෙන් කාවත් විශේශයි කියලා වෙනස් කෙරුවෙ නෑ එයා අපි හැමෝටම එක විදිහටම ආදරේ බෙදුවා...

ඉස්සර වගෙ නෙවෙ දැන් මටත් පව්ල් බර කියන දේ හොදට දැනුනා මොකද ස්නොව්බෝල් ගෙ සම්පූර්නම වගකීම තිබුනෙ මට..එයාගෙ හැම ඕනා එපා කමක්ම බැලුවෙ මම...ඒත් එයා අද වෙනකන් මගෙන් කිසිම දෙයක් ඉල්ලා කරදර කරලා නෑ..එයාට මම දෙන පොඩිදේකින් උනත් එයා හරියට සන්තෝස උනා වගේම එයා හැමදේම හුගක් පරිස්සම් කෙරුවා......

ස්නොව්බෝල්... එයා නම් වගේ වගක් නැතිව තවමත් නිදි. බ්ලැන්කට් එක ,එක දිහාවක ඇග කොහෙවත් කකුල් කොහෙවත් කොයි තරම් රෑට තුරුල් කරන් නිදා ගත්තා උනත් රෑ මැද හරියෙදි එයා දාන හිපොප් ඩාන්ස් වලට මගෙ හොම්බකට මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක් කොච්චර ලොකු ඇදක් උනත් කොයි තරම් ඉඩ තිබුනා උනත් හැමදාම ටික වෙලාවක් යනකොට මම ඉන්නෙ ඇදේ ගැට්ටෙ...මහා මෝඩයෙක්...අද ඉරිදා දවසක් නිසා අපි හැමෝම ගෙදර ඉස්සර නම් ඉරිදා වෙනකොට මම ස්නොව්බෝල් ව හොයන් ගියාට දැන් ඉතින් මාව විහිලුවටවත් ගෙදරින් එලියට ගන්න එක බොරු....

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ